ගොඩක් වෙලාවට ලොකු හදවතක් තියන මිනිස්සුන්ට ඒ බව පෙන්නන සල්ලි වත් පොහොසත්කම් ඇත්තේ නෑ . ඒ වගේමයි සල්ලි තියන මිනිස්සුන්ට ගොඩක් වෙලාවට හදවතක් ඇත්තේ නෑ. අනිත් මිනිස්සුන්ගේ දුක,කඳුල ඒ අයට පේන්නේ නෑ. ඇයි ඒ ? සමහර විට සල්ලි හොයන කොට එයාලගේ හදවත් වෙඬරු වගේ දිය වෙලා යන්න ඇති.ඒ අය ඉන්නේ හරියට පාට කරපු ලෝකයක. ඒ ගොල්ලන්ගේ වටේට තියන පාට කරපු විදුරු වලින් පෙරිලා එන්නේ පාට පාට එළි මිසක් යථාර්ථයේ කළු සුදු එලිය ඒ අය දකින්නේ නෑ.මම මේ කියන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු ගෙන නෙවේ.බෙන්ස් කාර් වල නැගලා,දුහුවිලි පොදක් වදින්නේ නැතුව , කවදාවත් බස් එකකට නැගල නැති, අනිත් මිනිස්සුන්ගේ දහදිය සුවඳ දැනිල නැති, මිනිස්සු ගැනයි.
මම දන්නේ නෑ ඇයි දුක අඳුරන මිනිස්සු ලග එච්චර සල්ලි ගැවසෙන්නේ නැත්තේ කියලා.එත් එහම උනා නම් මේ ලෝකේ මීට වැඩ ගොඩක් වෙනස් වෙන්න තිබුණා.
මෙහෙමත් හිතෙනවා.. මිනිස්සු හැමෝම හොදයි. එත් සල්ලි ලැබෙද්දී මිනිස්සුන්ට මිනිස්සුන්ව අමතක වෙනවා.එතකොට ඒ අයට පේන්නේ තමනුයි තමන්ගේ සල්ලියි වත්කම් විතරයි. එත් මේ හැමදේටම වඩා කරුණාවන්ත හදවත තමන්ට සැනසීමක් ගෙන ලෝකයට වටිනා දෙයක් බව තෙරෙද්දී ඒ අය ගොඩක් ප්‍රමාදයි. එහෙම නේද?
No comments:
Post a Comment