Powered By Blogger

Monday, December 30, 2013

සඳට කියුම් ..............


නැලවී හෙලවෙමින් දඟලන අතු ..........පතර
සඳ එබිකම් කරයි නැළවෙන අතු ..........අතර
මා යන කලට ඇවිදන් මා පසු................නතර
නොවී ආවේ සඳ නුඹ පමණයි ...............මිතුර

දිදුලයි තාරකාවෝ නුඹ ළඟ ................නිතර
එනමුත් සඳේ නුඹ කිසිදා මා ................අතැර
නොදමා පතුරමින් නුඹේ ඔය රැස් .........පතර
තනි නොතනියට ආවා මගේ දිවි ..........කතර

දන්නා කල සිටම මේ මා හය ..............හතර
ආව සඳේ නුඹ මා සමගම ....................නතර
නොවී අදත් දුක් ගැනවිලි මා ................මතුර
කියනා ,සඳෙක් නැත අසනට සඳ ........විතර

ගොම්මන් අඳුර ගෙට ගොඩවෙන .............හැන්දෑවේ
සඳ ආවා මිදුලට මගේ ............................ඇන්නෑවේ
අඳුර මගේ පැලින් එලියට .......................පැන්නාවේ
සඳ තනි රකින්නට අහසේම ....................උන්නාවේ

ගත සිත වසා පැතිරුණු තනිකම් ..................අඳුර
වේවා ගලන මේ සඳ එලියට ....................ගොදුර
තනි කොට්ටයට හිමිකම් ඇති මගේ ............පැදුර
ඉකි බිඳිනවා සඳ! එය ඇසුනිද ....................මිතුර  :'(



කියවන කලට ඉහතින් ඇති පද .........මෙලෙසා
දැනුනා හැගුම මට පවසනු................ කෙලෙසා ............................

14 comments:

  1. මම නම් ලියද්දි නොහිතන නීති රිති ටික ගැන සැහෙන්න හිතලා මහී ලියලා තියෙන්නේ. සුභ පැතුම් මහී :) 

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති සිහින මදාරා..... නිති රීති ගැන හිතලම ලිව්වේ නෑ... ඒවා ඉබේම පැනවුන ඒවා.... :) අයෙත් මේ පැත්තේ එන්න ඇවිත් යන්න

      Delete
  2. හරි ලස්සනට එළිසමය අරන් තියෙනවා. අපූරු නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති රන්දු ,, :)

      Delete
  3. Replies
    1. ගොඩක් ස්තුති යාලු අයෙත් මේ පැත්තේ එන්න

      Delete
  4. එළිසමය නම් ගානට තියල තියෙනවා.. ඒත් කියන්න ඕන යාලුවේ සමහර කවි සුගායනට ටිකක් අපහසුයි වගේ. අකුරු ටයිප් කරද්දි සැළකිල්ලෙන් කරන්න. මගෙ, නුඹෙ කියල ලියන්න ඕන තැන් වලට මගේ, නුඹේ කියල ලියල තියෙනව. එවිට සුගායනට අපහසුවක් වෙනවා.

    තව එකක්...
    එකම කවියක් තුල එකම වචන තැනින් තැනට යොදන්න එපා. ඒක සුදුසු නෑ. ඔයාගේ කවියෙන්ම උදාහරන ගත්තොත්,
    අතු, මා, සඳ, නුඹ, අඳුර ආදී වචන බොහෝ තැන් වල යෙදෙනවා. ඒ වෙනුවෙන් වෙන වචන යොදන්න.

    තව එකක්...
    එක පද පේළියකින් අදහස අවසන් නොකර එහි ඉතිරිය අනිත් පේළියට ගන්න එපා. ඒකෙන් අදහස විකෘති වෙනවා. බලන්න පළමු කවියේ අවසාන පද පේලි දෙක.
    .
    මා යන කලට ඇවිදන් මා පසු................නතර
    නොවී ආවේ සඳ නුඹ පමණයි ...............මිතුර

    ඒ වගේ තව එකක්.. තුන්වන කවේ දෙක තුන පද පේලි දෙක..

    ආව සඳේ නුඹ මා සමගම ....................නතර
    නොවී අදත් දුක් ගැනවිලි මා ................මතුර ..

    කොහොම වුනත් අවසාන කවේ අවසන් පේලි දෙකට මම කැමතියි.

    තනි කොට්ටයට හිමිකම් ඇති මගේ ............පැදුර
    ඉකි බිඳිනවා සඳ! එය ඇසුනිද ....................මිතුර

    ඔබත් මං වගේ කවියට ආධුනිකයි.. ඒ නිසා ලියමු. තව ලියමු..

    කවිලොව තවම අප ඉන්නේ මතු ...... පිටය
    ඉහළට යන්න වපුරමු හෙළ කවි........ඇටය
    සිරිලක උපන් බබළන මේ මුතු ....... ඇටය
    රැකගමු භාර වන්නේ තොප හා ........මටය

    නුඹට සරසවි දෙව් පිහිටයි.....

    ReplyDelete
    Replies
    1. මා යන කලට ඇවිදන් මා පසු................නතර
      නොවී ආවේ සඳ නුඹ පමණයි ...............මිතුර
      මේ පද 2න් නම් කවි පද අවසන් වීමක් සිදු වෙලා තියනවා මිතුරු..... මම ඉන් කියා ඇත්තේ සඳ මම යන කල මා පසු පසින් නතර නොවී ආවේ නුඹ පමණයි ... යහළුවෙ කියලයි.... ඔබ සඳහන් කල අනිත් පද දෙකේත් මම දකිනවා පද අවසන් කිරීමක්.... ඒවගේම එකම වචනය යෙදීම මම හිතා මතා මයි සිදු කලේ.. මම හිතුවා ඉන් අනුප්‍රාසය රකින්න ....... :) කොම උනත් අවවාදයට ගොඩක් ස්තුති.... අයෙත් මේ පැත්තේ ඇවිත් යන්න එන්න ...

      Delete
  5. අනුප්‍රාසය කියන්නේ , යම් අකුරක් හෝ පදයක් නැවත නැවත ළග ළග යෙදිමට. ඒකෙන් වෙන්නේ වචන උච්චාරණයෙන් ශබ්ද රසයක් දැනවීම. අර්ථ රසයක් දැනවීම නෙමෙයි. පොතකින් උපුටා උදාහරණ කිහිපයක් කියන්නම් වැටහෙන්න..

    ඉරට උඩින් ඉර මුදුනින් ගිරව් ගියා
    සඳට උඩින් සඳ මුදුනින් සාවො ගියා (ජන කවියකි)

    නල බල සසල දළ රළ පෙළ නුබ නැගෙන (සැළලිහිණි-27)

    සත් සියක් කපු මල් රැගෙන මම
    සත් සියක් සුදු කෙඳි රැගෙන මම
    සත් සියක් කපු පිළි වියන මම
    සත් සියක් දෙන පළදිතේ ( කුවේණි නාට්‍යය )

    ස්තුතියි... සරසවි දෙව් පිහිටයි..

    ReplyDelete
  6. Replies
    1. ස්තුති යලූ අයෙත් එන්න

      Delete
  7. වල් හඳ !!

    කොච්චර ගුණ වැයුවත් ඔය වල් ...........හඳ
    කරන නෝටි වැඩ ,ඔයා දන්න..............වද
    ඔය තරමට හොඳ නම් සැඟවී...............හිඳ
    අපගේ පෙම් බස් හොරෙන් අහන..........වද

    එකම අදහස කවි දෙක තුනක තියෙනවා වගේ.ඒ ඇරෙන්න හරිම ලස්සනයි.
    "එක පද පේළියකින් අදහස අවසන් නොකර එහි ඉතිරිය අනිත් පේළියට ගන්න එපා. ඒකෙන් අදහස විකෘති වෙනවා." කියල
    ශෂික අයියා කියන්නේ ඇයිද කියල මට තේරෙන්නේ නෑ.එහෙම විකෘති වීමක් වෙනවා කියල පෙන්නේ නැති නිසා .. :))

    ReplyDelete
    Replies
    1. එකින් එකට ඔබ ගලපා කිව්ව ...පද
      දුන්නා සතුට එය රැඳුනා මගේ .....හද
      හඳට කිව්වේ තනිකම මම ගොතා ..පද
      හඳ ඇර අසන්නට කව්රුත් සිටින...වද

      ස්තුති කසුන්...... එක මට හරියට තේරුනෙත් නැහැ.. එත් වැරද්දක් ඇති..

      Delete
  8. ආහ්.. දැන් මාසෙකින් විතර බ්ලොග් එකේ අලුත් පෝස්ට් එකක් දාල නෑනෙ.... ඇයි දැන් ලියන්නෙ නැත්තෙ ?

    ReplyDelete