Powered By Blogger
Showing posts with label ~mhj~. Show all posts
Showing posts with label ~mhj~. Show all posts

Monday, December 30, 2013

සඳට කියුම් ..............


නැලවී හෙලවෙමින් දඟලන අතු ..........පතර
සඳ එබිකම් කරයි නැළවෙන අතු ..........අතර
මා යන කලට ඇවිදන් මා පසු................නතර
නොවී ආවේ සඳ නුඹ පමණයි ...............මිතුර

දිදුලයි තාරකාවෝ නුඹ ළඟ ................නිතර
එනමුත් සඳේ නුඹ කිසිදා මා ................අතැර
නොදමා පතුරමින් නුඹේ ඔය රැස් .........පතර
තනි නොතනියට ආවා මගේ දිවි ..........කතර

දන්නා කල සිටම මේ මා හය ..............හතර
ආව සඳේ නුඹ මා සමගම ....................නතර
නොවී අදත් දුක් ගැනවිලි මා ................මතුර
කියනා ,සඳෙක් නැත අසනට සඳ ........විතර

ගොම්මන් අඳුර ගෙට ගොඩවෙන .............හැන්දෑවේ
සඳ ආවා මිදුලට මගේ ............................ඇන්නෑවේ
අඳුර මගේ පැලින් එලියට .......................පැන්නාවේ
සඳ තනි රකින්නට අහසේම ....................උන්නාවේ

ගත සිත වසා පැතිරුණු තනිකම් ..................අඳුර
වේවා ගලන මේ සඳ එලියට ....................ගොදුර
තනි කොට්ටයට හිමිකම් ඇති මගේ ............පැදුර
ඉකි බිඳිනවා සඳ! එය ඇසුනිද ....................මිතුර  :'(



Wednesday, December 25, 2013

නැගෙන තොස ..........


before..
දිය බරිත වූ අහස
දම් පැහැයෙන් සිත්තම් වූ විලස
දැනෙයි සිතුවිලි පහස
තනිකමට හුරු වූ ........ :(

 අහසින් වැටෙන  දිය බිඳු
තෙමාගෙන  මහා කඳු
සොයා යන ලෙස සිඳු
දැනෙයි මාගේ සිතූ
සොයන බව නොලත්  පැතු ....... :(


middle
පිපෙන කල බිම් හතු
පාළු කර උයන් වතු
වගෙයි මාගේ සිතූ,
නොවෙයි එය මා නතු ....  :(



after....
යොමා නෙත හැම දෙස
ගැටුණු විට ඒ ඇස
දැනුණි  නිති සොම්නස
කිරුළු පැලඳු වගෙයි හිස මත ........ :).

(~~~)හමන මේ මද නල
පිස ගෙන අහස කුස
ගලාගෙන යන යස(~~~~~~~~)
කොඳුරන සුළං බස
වඩවයි හිතේ තොස :)

සුළගේ..........!!!!!!

නගා ගොස
ලඟා වී ඔහු දෙස
පවසනු මගේ බස
ඔහුගේ කියුම් බස
වහ ගෙන එව!!!!!!!
??
??
??
??
??
??




නගා ජය ගොස ...........  (Y)



අදහසකුත් කියලා යන්න හොඳේ.....