Thursday, August 23, 2012
හිඟන කොලුවා
උදේම නැගිට වටපිට බලන විට
පෙනෙයි කුණු කඩමලු දස අත....
විසිරී ඇත කැලි කසල , රොඩු කෑලි ,
නොවුවද ප්‍රිය දසුන්,
සිටිනා මා මෙන් උන්
වැරහැලි හැඳ තැනින් තැන,
කුණු කෙල පෙරමින් නිදන..
නුපුරුදු දසුනක් නොවේ මෙය මට,
උදැසන පිබිදෙන කලට...
කුඩා කොලු පැටවුන් තිදෙනෙකු වූ සොයුරන් සමඟ
ගුලි වී නිදයි අම්මා තවමත් කොනක..
දොවා මුහුණ කට වතුර බෝතලයෙන්
සිලි උරය අතට ගෙන
සැරසුනෙමි හිඟමනට වෙනදා මෙන්..
කිරි කොකුන් මෙන් හැඳ පැළඳ ,
ළමුන් පාසල් යන කලට,
ඇති නොවෙයි ආසාවක් පෙර මෙන් මගේ සිතට..
" ඉගෙන ගත්තයි කියා කුමක් කරන්නද මම,
ඉගෙන ගත්ත උන් පවා හිගමන් යදින විට "
අවැසි වන්නේ මට කාසි පමණෙකි,
කුසට යමක් පුරවා ගන්නට......
Subscribe to:
Post Comments (Atom)
ගොඩක් ලස්සනයි යාලු. දිගටම ලියමු. ජය!!!!!!
ReplyDeleteගොඩක් ස්තුතියි යාලු. මට ගොඩක් සතුටුයි.
Deleteහිගන ප්‍රජාව ගැන නම් ගොඩක් කණගාටුයි.ඒත් ඒ මිනිස්සු මොකක් හරි ඵලදායි වැඩක යෙදුන නම් තමයි හුගක් වටින්නේ.
ReplyDeleteගොඩක් ලස්සන නිර්මාණයක්.දිගටම ලියන්න සුබපතනවා !
වර්ඩ් වෙරිෆිකේෂන් යින් කරන්න.
ඒක ඇත්ත හැබැයි දැන් රටේ ගොඩක් සාමාන්‍ය අයටත් ඒ තත්වයට වැටෙන්න තමා වෙලා තියෙන්නේ.....
Deleteගොඩක් ස්තුති යාලු .... අයේ මේ පැත්තේ ඇවිත් යන්න...
ජය වේවා ලස්සනයි
ReplyDeleteගොඩක් ස්තුති යාලුවේ...
Delete