නැගී සිටින්නට නැත දෙපා වාරුව,
නොහැකිය පා තබන්නට ,
නොමැති කළ සැරටිය ..
වේදනාවෙන් මිරිකීගිය වෙවුලන අතපය,
කියයි පලක් නොමැති බව මගෙන් තව දුරටත්...
රැලි වැටුණු මුහුණ හා දත් නොමැති කට මගේ,
දසුනක්ය පිළිකුල් සැවොම අකමැති..
වුවත් අප්‍රියකර මහල්ලෙකු දැන් මා,
හැඩි දැඩි තරුණයෙකි පෙර සිටි,
හිටියා බොහෝ පිරිවර දස අත,
නොමැති මුත් සතෙකු වත් දැන් ළඟ,
තිබුණා යකඩ මෙන් අතපය,
දැන් දිරා ගිය කොටු මෙන් ඇති,
සිනාසෙන කල දෙකම්මුල් පුම්බා,
සැවොම බැලුවා මදෙස ප්‍රීතියෙන්,
දැන් කව්ද බලන්නේ
රැලි ගැසුණු,
මස් දියවුණු, මුහුණ දෙස මගේ,
සුදු වී ගිය හිස කෙස් දෙක තුනක් ඇති,
තට්ටය පෑදුනු හිස,
කෙසේ පවසයිද
සිටි බව මා රූපත් තරුණයෙක් වී...
නැති උනා සියලු දේ
හැර කල හොඳ නරක මා,
ටික දිනකි තව ඇත්තේ,
යාමට මිනී වල වෙත,
ඉවසීමෙන් බලා හිදිමි,
එනතුරු මරුවා මා රැගෙන යාමට....
reality!
ReplyDeleteyes of course. we should face that one day.
Deletethax for coming here