Powered By Blogger

Thursday, November 29, 2012

තවත් ලොවක් ...........



ජිවන මං තලාවට අලුත් කතාවක් ගැට ගැහුවා මම ඔන්න. :) ..හොල්මන් අවතාර ගැන මොකද හිතන්නේ? ඔයාල හිතනවද මේ ලෝකේ ඇත්තටම ඒවගේ දේවල් තියනවා කියලා? ඔය නගරබදව එච්චර අහන්න නැති උනාට ඉතින් ගම් වල නම් ඔය ගැන අහන්න දකින්න වෙන කතා නම් එමටයි.

        මේ කතාව ගම්බදව සිද්ද උන එකක්.ම්ම්ම්ම් ... ගම තිබුනේ සුන්දර කඳු පන්තියකින් වටවිච්ච තවත් ඒක කන්දක.ගමේ එච්චර මිනිස්සු උන්නේ නෑ. මොකද ඉතින් එහේ එතරම් දියුණුයි. ගමේ මිනිස්සු අඩු හින්ද ගෙවල් තිබ්බේ ඈතින් ඈත. හැම මනුස්සයෙකුටම වගේ ඉඩම් අක්කර 2ක් 3 ක් තිබ්බා.ගොඩක් ම ඒ අය කලේ තමන්ගේම වතු වල රබර් කිරි කපපු එක.ඒවගේම අන්නාසිත් වගා කළා. හ්ම්ම්ම්ම්ම්ම්....  කොහොම උනත් රබර් වතු වලට මැදි උන ගෙවල් වල  එච්චර කලඑළියක්‌ නම්  තිබුනේ නෑ.හැම ගෙදරකම වගේ පාලු මුස්පේන්තු ගතියක් තිබුණා.
                         
         ගමේ මිනිස්සු අතරේ ඉතින් එක එක රස්සාවල් කරපු අයත් උන්නා.මම මේ කියන්න යන්නේ එක ප්‍රින්සිපල් කෙනෙක් ගැන.එතුමා පළාතේ හොද නමක් දිනපු විදුහල්පති කෙනෙක්.ගමේ හැමෝම එතුමාට පුදුම විදියට ගරු කළා.දරුවන්ටත් ගොඩක් ආදරේ කරපු විදුහල්පති තුමා  පාසලෙන් විශ්‍රාම ගියාට පස්සේ ගමට,පන්සලට ගොඩක් වැඩ කළා.අදටත් එතුමාගේ නම ඉතින් ගමේ කාගේ කාගේත් කටවල් වල තාමත් කියා වෙනවා.
         මම ඉතින් මෙතුමාව විජයසෝම කියලා හදුන්නන්නම් .විජයසෝම මහත්තයට ළමයි 2 ක් උන්නා,...දුවෙකුයි. පුතෙකුයි.ඉතින් මේ ස්කොල මහත්තයා දරුවෝ දෙන්නයි එයාගේ නොනයි එක්ක හොදින් ජිවත් උනා.කොහොම හරි ඉතින් එයා ජිවත් උනේ එයාගේ දෙමව්පියන්ගෙන් ලැබුන ඉඩමක. විජයසෝම මහත්තයා හදා ගත්ත ගෙට උඩහින් තිබ්බ ගෙදර තමයි අම්මයි තාත්තායි ජිවත් උනේ.දැන් එයාලා නැති වෙලා ගොඩක් කල්....ම්ම්ම්ම්ම්  .....ගමේ මෙහෙම කට කතාවක් තියනවා. විජයසෝම මහත්තයාගේ අම්මයි තාත්තායි ඉඩකඩම් වලට ගොඩක් ලොබ කමින් ලු ජිවත් වෙලා තියෙන්නේ.ගමේ කාටවත් වත්තෙන් පොල් ගෙඩියක් වත් ඇහිද ගන්න දීලා නැතිලු.එක නිසා එයාලා මැරුණත් වත්තේ සැරිසරනවාලු.
          ම්ම්ම්ම් ....... අනේ මන්ද...... මම නම් ඕවගේ කතා එච්චර විශ්වාස කරන්නේ නෑ. ඒත් ඉතින් පින් පව් කියලා දේකුත් තියනවනේ.කොහොම උනත් අදටත් ඒ වත්තට ඇතුල් වෙද්දී  මගේ හිතට දැනෙන්නේ අමුතු චකිතයක්.
          විජයසෝම මහත්තයා හදවත් රෝගියෙක්.හතිය වගේ අසනිපත් නිතර හැදුනා. ඒ උනාට එතුමා කිසි දේකින් සැලුනේ නෑ.කරන්න තියන දේ කොහොම හරි කළා.
          මේ සිද්දිය වෙනකොට ම්ම්ම්ම්.... මම හිතන්නේ එයාගේ පුතාට අවුරුදු 12 ක් විතර ඇති. විජයසෝම මහත්තයට වත්ත උඩහට වෙන්න තිබ්බා අන්නාසි වත්තක්. එයා කොහොමත් අන්නාසි වලට කැමති කෙනෙක්.එදා හවස, කොහොම හරි 5. 30 ට විතර වෙන්න ඇති.. බුලත් විටකුත් කටේ දාගෙන හප හපා එයාගේ පුතාට හඬ ගැහුවා වත්ත උඩහට යන්න අන්නාසි බලන්න.පුතා තාම පොඩි කොල්ලෙක් නේ ඉතින්.කාටුන් එකක් බල බලයි උන්නේ... අපි උනත් එහෙමනේ ඒ කලේ.. ඕවා බලද්දී වෙන සද්ද ඇහෙන්නේ නෑ.ඉතින් විජයසෝම මහත්තයා තනියම උඩහ අන්නාසි වත්තට ගියා ඔන්න.....
             .............................. ටික වෙලාවක් ගියා.... ගෙදර උන්න බල්ලෝ දෙන්නා වෙනදට විජයසෝම මහත්තයාගේ පස්සෙන් මයි. හ්ම්ම් .. ඒත් එදා ගියේ නෑ..කිසිම හැලහොල්මනක් නැති නිසා මහත්තයාගේ නෝනා පුතාට සැර කළා ගිහින් තාත්තාව බලලා එන්න කියලා.මේ පොඩි කොලුවා ඉතින් තාත්තාව හොයන්න උඩහට ගියා. උඩහ වත්තට යන්න ඕන අර මැරුණු අම්මගෙයි තාත්තගෙයි ගේ පහු කරලා.. එතනින් යද්දී මේ ළමයා කළු පාට දෙයක් එයාගේ පැත්තට එනවා වගේ දැකල ඒකට බය වෙලා ආපහු ගෙදර දුවගෙන ආවා.
                    දැන්  විජයසෝම මහත්තය නෑ ..... කට්ටයම හතර වටේ හොයනවා.. ඒක ලොකු ඉඩමක් කෑලෑව වැවුණ.........එහෙම ලේසියෙන් හොයන්න අමාරුයි.පුදුමේ කියන්නේ...... මම කිව්වේ අර බල්ලෝ දෙන්නෙක් උන්නයි කියලා.උන් දෙන්නටවත් හොයා ගන්න බැරි උනා මහත්තයා කොහෙද කියලා.
                    කොහොම හරි ඉතින් අන්තිමේදී විජයසෝම මහත්තයාව හොයා ගත්තා.ඒත් ඉතින් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.ඇස්  උඩ ගිහින් තිබුන එතුමා පොල් පැලයක් පාමුල පොල් ඇත්තක් අල්ලාගෙන වැටිලා උන්නා.කට ඇරිලා කකා උන්න බුලත් හපය උගුරේ හිර වෙලා තිබුණා......පස්සේ කෑ ගහද්දි ගමේ අය වටේට එකතු උනා. ඒත් කරන්න දෙයක් නෑ.   විජයසෝම මහත්තයා හොයා ගද්දිම එතුමාගේ පණ ගිහින්.
               මේක කොහොම උනාද කියල හිතා ගන්න අමාරුයි.ගමේ අය නම් ඒක ඒක කතා කියනවා ඒක ගැන. හැබෙයි ඒක ටිකක් අත්භූතයි වගේ නේද? සමහර දේවල් වෙනවා අපිට හිතා ගන්න අමාරුයි. ගොඩක් අය කියනවා අර විජයසෝම මහත්තයගේ අම්මා එතුමාට ගොඩක් ආදරේ කරපු නිසා එයාගේ දරුවාව එයා ලගට ගත්තයි කියලා. හරියට ඉතින් ඒ ගැන කියන්න කව්ද දන්නේ විජයසෝම මහත්තයම ඇරෙන්න.....
නේද?
           

   
 ඔන්න ඉතින් මම මේ කතාව ලිව්වා. හොදද දන්නේ නෑ..... ඉතින්....මේකේ ගුණදොස් කියන ඒක ඔයාලට බාරයි........

Monday, November 26, 2012

ජීවිතය......

             ජිවිතයේ සුන්දර වගේම අසුන්දර මතකයනුත් එමටයි.මතකයන් සුන්දර වුනත් අසුන්දර උනත් ඒ දෙකෙන්ම අපේ ජිවිත පෝෂණය කරනවා. ඒ වගේම අතීතයේ  සුන්දර මතකයන් වලට අනාගතයේදී අපිව ජිවත් සතුටින් ජිවත් කරවන්නත් පුළුවන් . මම මේ කියන්නේ ඇත්තක් ද කියලා ඔයාලත් පොඩ්ඩක් හිතල බලන්න ඉතින්...


                 පුංචි කාලේ  මම හිටියේ අපේ මාමාලගේ ගෙදර.මොකද ඉතින් අපේ අම්මයි තාත්තායි වැඩට ගිය නිසා මාව බලා ගන්න කව්රුත් උන්නේ න ගෙදර.මාමාගේ ගෙදර මගේ වයසේම උන්න මාමාගේ පුතයි එයාගේ නංගියි හිටියා.එයාලව බලා ගන්න දවල් කාලේ ගෙදරට නැන්ද කෙනෙක් ආවා. අපි එයාට කිව්වේ දයා නැන්දා කියලා.ඉතින් අපි පොඩි දවස් වල මොන්ටිසෝරි ඇරිලා ගෙදර ආවාම අර නැන්දා තමයි අපිව නාවන්නේ කවන්නේ නිදි කරවන්නේ.ඇත්තම කියනව නම් දයා නැන්දා අපි තුන්දෙනාව හොදින් බල ගත්තා.
           මට තාම මතකයි ඉස්සර මම නාවද්දී මුනේ  වල සබන් ගාන්න දුන්නේ නෑ.මම ගේ වටේ දුවනවා. පස්සේ නැන්දා මාව  බලෙන් ම අල්ලා මම අඩද්දිම මුනේ සබන් ගානවා. ඒවගේ එයා සැර නැත්තේම නෑ.වැරදි කරපුවම ගහපු වෙලාවල් නොතිබුනා නොවෙයි.
          ම්ම්ම්ම්.... කොහොම හරි ඉතින් කාලය ටිකෙන් ටික ගෙවිල ගියා. අපි තුන්දෙනා ටිකෙන් ටික ලොකු උනා.මැදි වයසේ උන්න නැන්දා ටිකෙන් ටික වයසට ගියා.මම හිතන්නේ දැන් එයාගේ වයස 60 පහුවෙලා ඇත්තේ.ඒත් හිතේ හයියට තැන තැන ගෙවල් වල ළමයි බලා ගන්න යනවා.සමහර වෙලාවට ඒක ඒක තැන් වලට වැඩ කරන්නත් යනවලු.
          කොහොම හරි ඉතින් මට නම් එයාව දකින්න ලැබෙන්නේ කලාතුරකින් තමයි.එහෙම දැක්කම " අනේ ඉතින් මම මේ ඉස්සර බලා ගත්තු ළමයිනේ මේ "කියල නන්දාගේ හිත සතුටින් උතුරනවා.ඒ සතුට මම නැන්දගේ ඇස් දෙකෙන් දැකලා තියනවා.
            හ්ම්ම්ම්ම්ම්............     මේ ලඟදි දවසක අපේ අම්මා අපේ මාමලාගේ ගෙවල් පැත්තේ ගියා. හැබැයි අම්මා ආපහු ගෙදර ආවේ ගොඩක් නරක ආරංචියක් අරගෙනයි.ඒක අහපුවම මට මගේ කන්දෙක අදහා ගන්න බැරි උනා. මම ඒක ඒක පාරට විශ්වාස කලේ නෑ.
              පහුගිය දවස් ටිකේ නැන්දා වී මෝලක වැඩට ගිහින් තියනවා.අම්මා මාමලාගේ ගෙදර ගිය දවසේ හවස නැන්දා වී මොලේ වැඩකරන අතරේ එයාගේ කකුල් දෙක වී මෝලට අහුවෙලා. කකුල් දෙකේ ගන්න දෙයක් නැතිලු... අම්මෝ... ඒක අහපු වෙලාව මතක් වෙද්දී  තාමත් හිත කීරි ගැහෙනවා වගේ.
                දෙවියනේ ..! ඇයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ?මෙච්චර කාලයක් ළමයි කි දෙනෙක් ඒ කකුල් දෙකෙන් ඇවිද ඇවිද බලා ගන්න ඇතිද? නැන්දා කොච්චර ලොකු පවක් කරලා තියෙන්න ඇතිද මේවගේ වයසකදී ඒවගේ දෙයක් වෙන්න. ඒ සිද්දිය ඇහුවම මට හිතුනේ ඒවගේ දෙයක්.
                නැන්දා බැඳපු කෙනෙක් නෙවෙයි.එයාට ළමයි උන්නෙත් නෑ අදුරන.අපට පස්සේ ආරංචි උනා නැන්දගේ කකුල් දෙකම කපලා කොළඹ මහා ඉස්පිරිතාලේ කියලා.. දැන් ඉතින් ඉස්සරහට එයා කොහොම ජිවත් වෙයිද කියලා හිතාගන්නත් අමාරුයි.
              අනේ ඉතින් මිනිස්සුන්ටත් වෙන දේවල්.කාට උනත් එහෙම තමයි ඉතින්.කොයි මොහොතේ මොනවා වෙයිද කියලා කියන්න බෑ.එන දේට එන විදියට මුණ දෙන්න අපි හැමෝටම හිත හදා ගන්න වෙන්නවා.