Monday, November 26, 2012

ජීවිතය......

             ජිවිතයේ සුන්දර වගේම අසුන්දර මතකයනුත් එමටයි.මතකයන් සුන්දර වුනත් අසුන්දර උනත් ඒ දෙකෙන්ම අපේ ජිවිත පෝෂණය කරනවා. ඒ වගේම අතීතයේ  සුන්දර මතකයන් වලට අනාගතයේදී අපිව ජිවත් සතුටින් ජිවත් කරවන්නත් පුළුවන් . මම මේ කියන්නේ ඇත්තක් ද කියලා ඔයාලත් පොඩ්ඩක් හිතල බලන්න ඉතින්...


                 පුංචි කාලේ  මම හිටියේ අපේ මාමාලගේ ගෙදර.මොකද ඉතින් අපේ අම්මයි තාත්තායි වැඩට ගිය නිසා මාව බලා ගන්න කව්රුත් උන්නේ න ගෙදර.මාමාගේ ගෙදර මගේ වයසේම උන්න මාමාගේ පුතයි එයාගේ නංගියි හිටියා.එයාලව බලා ගන්න දවල් කාලේ ගෙදරට නැන්ද කෙනෙක් ආවා. අපි එයාට කිව්වේ දයා නැන්දා කියලා.ඉතින් අපි පොඩි දවස් වල මොන්ටිසෝරි ඇරිලා ගෙදර ආවාම අර නැන්දා තමයි අපිව නාවන්නේ කවන්නේ නිදි කරවන්නේ.ඇත්තම කියනව නම් දයා නැන්දා අපි තුන්දෙනාව හොදින් බල ගත්තා.
           මට තාම මතකයි ඉස්සර මම නාවද්දී මුනේ  වල සබන් ගාන්න දුන්නේ නෑ.මම ගේ වටේ දුවනවා. පස්සේ නැන්දා මාව  බලෙන් ම අල්ලා මම අඩද්දිම මුනේ සබන් ගානවා. ඒවගේ එයා සැර නැත්තේම නෑ.වැරදි කරපුවම ගහපු වෙලාවල් නොතිබුනා නොවෙයි.
          ම්ම්ම්ම්.... කොහොම හරි ඉතින් කාලය ටිකෙන් ටික ගෙවිල ගියා. අපි තුන්දෙනා ටිකෙන් ටික ලොකු උනා.මැදි වයසේ උන්න නැන්දා ටිකෙන් ටික වයසට ගියා.මම හිතන්නේ දැන් එයාගේ වයස 60 පහුවෙලා ඇත්තේ.ඒත් හිතේ හයියට තැන තැන ගෙවල් වල ළමයි බලා ගන්න යනවා.සමහර වෙලාවට ඒක ඒක තැන් වලට වැඩ කරන්නත් යනවලු.
          කොහොම හරි ඉතින් මට නම් එයාව දකින්න ලැබෙන්නේ කලාතුරකින් තමයි.එහෙම දැක්කම " අනේ ඉතින් මම මේ ඉස්සර බලා ගත්තු ළමයිනේ මේ "කියල නන්දාගේ හිත සතුටින් උතුරනවා.ඒ සතුට මම නැන්දගේ ඇස් දෙකෙන් දැකලා තියනවා.
            හ්ම්ම්ම්ම්ම්............     මේ ලඟදි දවසක අපේ අම්මා අපේ මාමලාගේ ගෙවල් පැත්තේ ගියා. හැබැයි අම්මා ආපහු ගෙදර ආවේ ගොඩක් නරක ආරංචියක් අරගෙනයි.ඒක අහපුවම මට මගේ කන්දෙක අදහා ගන්න බැරි උනා. මම ඒක ඒක පාරට විශ්වාස කලේ නෑ.
              පහුගිය දවස් ටිකේ නැන්දා වී මෝලක වැඩට ගිහින් තියනවා.අම්මා මාමලාගේ ගෙදර ගිය දවසේ හවස නැන්දා වී මොලේ වැඩකරන අතරේ එයාගේ කකුල් දෙක වී මෝලට අහුවෙලා. කකුල් දෙකේ ගන්න දෙයක් නැතිලු... අම්මෝ... ඒක අහපු වෙලාව මතක් වෙද්දී  තාමත් හිත කීරි ගැහෙනවා වගේ.
                දෙවියනේ ..! ඇයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ?මෙච්චර කාලයක් ළමයි කි දෙනෙක් ඒ කකුල් දෙකෙන් ඇවිද ඇවිද බලා ගන්න ඇතිද? නැන්දා කොච්චර ලොකු පවක් කරලා තියෙන්න ඇතිද මේවගේ වයසකදී ඒවගේ දෙයක් වෙන්න. ඒ සිද්දිය ඇහුවම මට හිතුනේ ඒවගේ දෙයක්.
                නැන්දා බැඳපු කෙනෙක් නෙවෙයි.එයාට ළමයි උන්නෙත් නෑ අදුරන.අපට පස්සේ ආරංචි උනා නැන්දගේ කකුල් දෙකම කපලා කොළඹ මහා ඉස්පිරිතාලේ කියලා.. දැන් ඉතින් ඉස්සරහට එයා කොහොම ජිවත් වෙයිද කියලා හිතාගන්නත් අමාරුයි.
              අනේ ඉතින් මිනිස්සුන්ටත් වෙන දේවල්.කාට උනත් එහෙම තමයි ඉතින්.කොයි මොහොතේ මොනවා වෙයිද කියලා කියන්න බෑ.එන දේට එන විදියට මුණ දෙන්න අපි හැමෝටම හිත හදා ගන්න වෙන්නවා.

16 comments:

  1. අනේ.....ගොඩක් සංවේදියි...මිනිස්සුන්ට මේ තරම් දුක උරුම ඇයි දෙයියනේ.මේ දවස් වල අහන්න ලැබෙන්නේ දුකම තමයි.....

    ReplyDelete
    Replies
    1. හැමෝටම ඉතින් එහෙම තමයි යාලු. ඒත් ඉතින් වෙනස් වෙන්නේ දුක ලැබෙන වෙලාව තමයි. ඒකට ඉතින් මුණ දෙන්න ඕන.
      ඉතින් රන්දු යාලු ඔයාට ගොඩක් තැන්කු මේ පැත්තේ ආවට, අයෙත් එන්න......

      Delete
    2. Jeewitha maha dukak maha godak dukak. Me duka nathiwena thuru man balan innawa sathuta anathuraa

      Delete
  2. ගොඩක් දුක හිතෙනවා යාලු. ඒත් හැම දේම වෙන්නෙ මිනිස්සුන්ට තමයි. එයාට ඉස්සරහට ගෙවන්න වෙන ජීවිතේ කොච්චර කටුක වෙයිද?
    ඒත් එයා ගෙනාව ජීවිතේ ගෙවන්නම වෙනවනේ.

    දිගටම ලියමු යාලු. ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. එයාගේ ජිවිතේ කොහොම ගෙනියයි ද කියල හිත ගන්න බෑ මටත්. ඒ උනාට කොහොම හරි ජිවත් වෙන්න වෙනවනේ.....
      තැන්කු යාලුවේ.... ඔයා අයෙත් මේ පැත්තේ එන්නකෝ දවසක

      Delete
  3. ඔහොම තමයි ජිවිතේ මොන කරන්නද නේද

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ඔව් අපිට උනත් ඒක වෙන්න බැරි කමක් නෑ.එන විදියට මුණ දෙන්න වෙනවා හැමෝටම..

      Delete
  4. ජිවිතය අපට තෙරුම් යන්නේ ප්‍රශ්ණ එන තරමට.

    ReplyDelete
    Replies
    1. ඔව් යාලුවේ ඒක ඇත්ත. ජීවිතය ගලා යන ගඟක් කියලත් කියනවනේ..

      Delete
  5. අපි හිතන් ඉන්න දේවල් වලට වඩා මේ ලෝකේ ගොඩක් දේවල් තියනවා.ඔයාට හොදට ජිවිතේ ඇත්ත තේරෙනවා .......තව තවත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් තැන්කු යාලුවේ.. ඔයාලගේ අදහස් මට ලොකු හය්යක්...
      අයේ මේ පැත්තේ එන්නකෝ ඇවිත් යන්න..

      Delete
  6. අදමයි මේ පැත්තට ආවේ. ඔයාට තින්නෙ මගේ බ්ලොග් එකේ නම ;)... දිගටම එන්නන්කෝ :)))

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් අපි දෙන්නටම එකම නම හිතිලද ? ;) ..... එන හැම සැරේම ජිවන මං තලාවට සතුටින් පිලි ගන්නවා යාලුවේ... :)

      Delete
  7. Lokuwela ganna padiyen kiyak hari nandathth denna. . .

    ReplyDelete
    Replies
    1. ow kasun .. mama ehma hithanaw... eth ehma karanna puluwan unoth godak hodai

      Delete