Saturday, December 21, 2013

දින පොතෙන් ....




        අම්මලා ළමයි හදලා උගන්නන්නේ ගොඩක් අසාවෙන් .එහෙම උගන්නලා ඒ ගොල්ලෝ බලාපොරොත්තු වෙනවා තමන්ට වඩා හොඳ තැනකට ඒ ළමයි කවද හරි යයි කියලා.තමන් විඳපු දුක් ඒ දරුවෝ විඳින එකක් නෑ කියලා එයාලා හිතනවා.
          මේ මම කියන්න යන්නේ දරුවෝ පස් දෙනෙක් වදාපු අම්ම කෙනෙක් ගැන.ඒ මගේ කිරි අම්මා .. ඇයට දැන් වයස 80 ගානක් වෙනවා.හරියටම ඉපදුන අවුරුද්ද මතක නැතිලු.මගේ පවුලේ ඒ පරම්පරාවේ අවසාන පුරුක කිරි අම්මා තමයි.
          ඇස් වහක් කටවහක් නෑ ... කිරි අම්මයි කිරි අත්තයි දරුවෝ පස් දෙනාට හොඳට ඉගැන්නුවා.එකෙන් හතර දෙනෙක් ම උපාධි ධාරීන් ඉහල තැන් වල රැකියාවල් කරන . ඒ ගැන කිරි අම්මා කාත් එක්ක හරි කතා කරද්දී හරි ඉහලින් කතා කරනවා මට ඕනෑ තරම් ඇහිලා තියෙනවා.ඒ එයාගේ සතුට ..මගේ අම්මා මට කියල තියනවා කිරිඅම්මා කොහොමද ඒගොල්ලන්ව ජිවත් කලේ කියලා.පොල් අතු වියලා,රබර් ගස් වල කිරි කපලා ,ගෙදර පොඩි කඩයක් කරලා තමයි පවුල රැක්කේ.මටත් ඒ ගැන පොඩ්ඩක් අත්දැකීම් තියනවා.මොකද මමත් පුංචි කාලේ කිරිඅම්මා පස්සෙන් පොල් අතු වලවල්,රබර් වතු අස්සේ,කොරටු අස්සේ,කොහිල වල වටේ ඇවිදපු නිසා. මට ඒ දවස් වල ඒ ගැන එච්චර වැටහීමක් තිබුනේ නැති උනත් අද හිතෙනවා ඒ අම්මා තමන්ගේ දරුවෝ දරුවන්ගේ දරුවෝ වෙනුවෙන් තමන් ව අමතක කළා කියලා.මට තාමත් මතකයි අම්මගේ මහා ගෙදර යද්දී කිරිඅම්මා කුස්සියේ දොරකඩ ලග වාඩිවෙලා කොස් කපකපා ඉන්න හැටි .ගිය ගමන් හදන්නේ ඉක්මනට බඩ පුරවන්න .කිරිඅම්මගේ හිත යට දයාව අනුකම්පාව අපි ගැන විතරක් නෙවේ ගමේ ඉන්න අය ගැනත් තිබුනා.ගමේ අය කතා කලේ "  නෝනිආච්චි " කියලා .  ඒ වගේම තමයි  පුදුමාකාර විදියට හිතෙන් ශක්තිමත් ගැහැනියක්. ඒ වගේ ශක්තියක් අපේ අම්මට වත් නෑ..
               මට මේ හැමදෙයක්ම මතක් උනේ මේ ලඟදි කිරිඅම්මගේ ලොකුම දුවගේ ඒ කියන්නේ මගේ ලොකු අම්මගේ දුවගේ  මංගල්‍යය තිබුනා.කොහොමහරි කිරිඅම්මවත් ඕකට එක්කන් ගියා.එත් එතන හිටපු අර ලොකු ලොකු මිනිස්සු අස්සේ කිරි අම්මව පොඩිම පොඩි මනුස්සයෙක් වුනා.පොටෝ එකට පෙනී ඉන්න එක පවා මදිකමක් වුනා. ඇත්තටම එක සාධාරණද කියලා මගේ හිත මගෙන්ම ඇහුවා ..
 කිරිඅම්මා තමනට පුළුවන් උපරිම හොඳට ඇඳපැළඳ ගෙන උන්නා.එතන උන්න අනිත් මිනිස්සු එක්ක බලද්දී එක නිකන් ගෙදරට ඇඳලා උන්න වගේ තමයි.එත් ඇය උත්සහ කළා තමාගේ දරුවට ලජ්ජවක් නොවෙන විදියට ඉන්න .
             ළමයි ලොකු ලොකු තැන්වලට ගියාම අම්මලා තාත්තලට ඒ තැන් වලට එන්න ගොඩක් අමාරුයි . දරුවන් ගෙ තත්ත්වෙට .... එක අපට වෙනස් කරන්න බෑ .මොකද එක එයාලගේ ලෝකය.එක ඒ විදියට දකින්න අපට පුළුවන් වෙන්න ඕන.
           සමහර විට ලොකු අම්මගේ පැත්තෙන් එක සාධාරණ ඇති.ඒක මට කියන්න බෑ .මොකද මට එයාගේ හිතේ තියන දේ පෙන්නේ නැති නිසා.සමහර විට අර අවස්ථාවේදී පෙන්නන්න බැරි උනාට එයාගේ හිතේ අම්මා ගැන ආදරයක් තියෙන්න ඇති.මෙතැනදී කාටවත් දොස් කියන එක සාධාරණ නෑ. එක ලෝකේ හැටි.. ඉස්සරහදි අපි වයසට ගියාම උනත් ඒ වහේ ඉරණමකට මුණ දෙන්න අපි කාටත් ඉඩ තියනවා.....

හ්ම්ම්........

මම වැරදිද කියලා ඔයාලටත් කියන්න පුළුවන්.. ඒ ගැනත් කියලම යන්න

9 comments:

  1. කොතන කොහොම හිටියත් තමන්ගේ කෙනෙක්ව කවදාකවත් මදිකමක් වෙන්න බැ.

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත... එත් ප්‍රයෝගිකව ඒවගේ අවස්ථාවකට මුහුණ දීලම බලන්න ඕන තමන්ටත් ඒවගේ කරන්න පුලුවන්ද කියලා .. ගොඩක් කාලෙකින් මේ පැත්තේ අවේ.... ගොඩක් ස්තුති....

      Delete
  2. ඔය යථාර්තය වෙනස් කරන්න හරිම අමාරුයි. හුගක් ගැහැණු ළමයි ලස්සනට ඇද පැළද ගත්තු තමන්ගෙ වයසක සීය ආච්ච් එන්න ගමනක් බිමනක් පවා යන්න අකමැතියි. ඒ ගියත් නිකම් තමන්ගෙ නොවන විදියට තමා හැසිරෙන්නෙ. විශේෂයෙන්ම මේක කරන්නෙ ගැහැණු ළමයින්ම වීම ඇයි දන්නෙ නම් නෑ. මේක හරි ගුඹුරු මාතෘකාවක්

    ReplyDelete
    Replies
    1. ගැහැණු පිරිමි බේදයක් මම නම් ඔය ප්‍රශ්නෙදි දකින්නේ නෑ. ඔතන තියෙන්නේ හිතන හැටි පිළිබද ප්‍රශ්නයක්. තමන්ගේ වයසක අම්මව මහලු නිවාස වලට ගිහින් දමන පුත්තු ඉන්නවා මේ රටේ. තමාගේ වැඩ කටයුතුත් එක්ක දෙමව්පියන් වදයක් කියලා හිතන නිසයි ඒ . අනික තමන්ගේ දුප්පත් අම්මා තමන්ගේ තත්වෙට ගැලපෙන්නේ නෑ කියලත් හිතන අය ඉන්නවා. ... මේ පැත්තේ ආවට ගොඩක් ස්තුති.. අයෙත් එන්න

      Delete
  3. Replies
    1. හ්ම්ම් දුකයි නම් තමයි.. එත් යථාර්තය එයයි.

      Delete
  4. තමනුත් කවදාහරි වයසට යනවා කියල තේරෙන්නේ නැති අය ....ඔහොම ගෑනු ළමයි තමයි මම ගොඩක් දැකල තියෙන්නේ..පුතාලත් ඕන තරම් ඉන්නවා.තමන් කරන දේවල් වල ප්‍රතිපල කවදාහරි තමන්ට හම්බවෙයි !!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක ඇත්ත කසුන් .. තරුණ අය විතරක් නෙවෙයි නේ .. ලොකු මැදි වයස් වල අය පවා එහෙමයි .. ගොඩක් ලොකු තනතුරු දරන අය. ඒ අයගේ පැත්තෙන් බැලුවම සාධාරණයි ද කියලා මම දන්නේ නෑ ... කොහොම උනත් වැඩේ වැරදි..... අයෙත් මේ පැත්තේ එන්නෝ එහනම්...

      Delete