Saturday, November 30, 2013

බැඳුනු සිත....

දැනෙයි සිත   පෑරුම්
නැත සිතේ සැදුම්
ප්‍රේමය පෑදුම්
කරුමයකි මෙය සැමට යාදුන්

ලොබින් බැඳ එකෙකුට
බැඳෙයි ප්‍රේමෙන් සතුටට
දැනෙන කල දුක සිතට
නොහැක කිසිවක් සිදු කරන්නට

පිහිනා පෙම් සයුර
සමහරුන් යයි එතර
සමහරුන් ගිලෙන තුර
තවත් සමහරු විඳති එහි රස

ප්‍රේමය නම් එපා
දුකකි එය නම් අපා
කියන සමහර සතා
කලින් ගොඩ යති සමග සැපතා

මේක ලිව්වේ මගේ යාලුවෙක් වෙනුවෙන්.... කොහොමද බලන්න....

Thursday, November 28, 2013

අනේ මන්දා

නිසා නුඹේ කෝලම්
මමත් දැම්මා නුඹට මායම්
නිෂ්පලයි වෑයම්
සෝදා දැම්මා වගේ සායම්

දුටුව කල නුඹේ වත
නොසොයා කිසිත් වත ගොත
පිදුවා මගේ හදවත
නැති වුනා මට මගේ ඇඳි වත


මේක මට ටිකක් විප්ලව කාරී කවියක් උනා. මේක දාලා සෑහෙන්න බැනුම් ඇහුවා කෙල්ලන්ගෙන්. එත් මේකේ දල තියෙන්නේ කොල්ලෙක් කෙල්ලෙක් ගැන කිව්ව කවියක්. එක දිහා ඒ විදියට බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. වැරදි විදියට දැකලා මට බනින්න එපා ඔ න්

Friday, November 22, 2013

ඇන දීම ......



 තරුණයා;
උදැසන පිපි රෝස                  කුසුමන්
වාගේ  දක්වන නුඹේ              සිනාවන්
දකින විට ඒ රුසිරු                 කැල්මන්
ලගා වෙයි මට                     වාසනාවන්

යන විට ඇවිද මගේ අසලින් නුඹ                  සොඳුර
දැනුනා සුපිපි හැඟුමක් මගේ හදේ                 නිතර
බෙදා ගන්න දුක සැප මගේ දිවි                     කතර
හැකිද වන්න නුඹ හට මාගේ                      සොඳුර

තරුණිය;
ප්‍රේම කරන්නට මම තව කිරි                   කෝඩු
හැකිද නුඹට ගෙන දෙන්නට              රන්තෝඩු
ආල කලොත් මා හට වෙයි ඉන්                 පාඩු
නොහැකි ඉන්න මට නුඹ හා වී               ජෝඩු

තරුණයා ;
නොහැකි වුවද ගෙන දෙන්නට             රන්මාලා
රකිමි නුඹව හැමකල හැම වෙර                 දාලා
ගොතා සරසමින් ප්‍රේමයේ මල්                 මාලා
සතුටින් තබමි නුඹේ දිවියම               සනසාලා

තරුණිය;
නුඹ වැනි අයට මම කැමැත්ත                     දෙනවද ?
කෙතරම් රුසිරු තරුණයෝ ලොව             සිටිනවද
ගැලපෙන කෙනෙක් වෙන තමුන්ට         හොයනවද
වැඩක් බලන් කට පියාන                          ඉන්නවද

තරුණයා;
වුවත් නුඹත් සුරඟන වන්             හැඩකාරී
වචන සැරයි නුඹ                  ආඩම්බර කාරී
නොහැකි නුඹට වන්නට මාගේ          බාරි
යන්නෙමි පිටව නුඹ අතහැර හද         පෑරී

සුන්දර බවෙන් රූ සිරියෙන් උමතු                 වෙලා
මම ආවා නුඹ අසලට අත                              පතලා
ආඩම්බර කමින් නුඹ මා දැන් ඉවත               හෙලා
ඉන්නට වේවි නුඹ හට ගෙදරටම                  වෙලා..





Thursday, November 14, 2013

හන්තාන සමග අතිනත ගත්.. සරසවිය..









මිහිදුම් සමග පොර බඳිනා හන්තාන......
නිල් වන් සිසිල් දිය ගලනා මහවැලිය .....
සමග ගෙවෙන මේ  මගෙ සරසවි දිවිය .....
අරුමය මෙතෙක් යයි මට  කීමට බැරිය......

නෙක නෙක පාට මල් වැල් හැම තැනම                   දිසේ.....
හරිත වර්ණ තුරු ගොන්නෙන් අවට                         වැසේ......
තුරු අතුරින් පෙරිලා එන හිරුගේ                             රැසේ
පෙන්නයි පියාසලනා සියොතුන් ගෙ                        විසේ.....

 උදෙසනම වැටෙනා ඒ පිනි                                    බින්දු...
සිසිල ගෙනෙයි නැති කරවයි දුක්                             බින්දු.....
අවටින් ඇසෙන ගස් වැල් වල ගී                              සින්දු.....
මනරම් හැගීමක් හැම විට හද                                   රැන්දු...