Monday, December 30, 2013

සඳට කියුම් ..............


නැලවී හෙලවෙමින් දඟලන අතු ..........පතර
සඳ එබිකම් කරයි නැළවෙන අතු ..........අතර
මා යන කලට ඇවිදන් මා පසු................නතර
නොවී ආවේ සඳ නුඹ පමණයි ...............මිතුර

දිදුලයි තාරකාවෝ නුඹ ළඟ ................නිතර
එනමුත් සඳේ නුඹ කිසිදා මා ................අතැර
නොදමා පතුරමින් නුඹේ ඔය රැස් .........පතර
තනි නොතනියට ආවා මගේ දිවි ..........කතර

දන්නා කල සිටම මේ මා හය ..............හතර
ආව සඳේ නුඹ මා සමගම ....................නතර
නොවී අදත් දුක් ගැනවිලි මා ................මතුර
කියනා ,සඳෙක් නැත අසනට සඳ ........විතර

ගොම්මන් අඳුර ගෙට ගොඩවෙන .............හැන්දෑවේ
සඳ ආවා මිදුලට මගේ ............................ඇන්නෑවේ
අඳුර මගේ පැලින් එලියට .......................පැන්නාවේ
සඳ තනි රකින්නට අහසේම ....................උන්නාවේ

ගත සිත වසා පැතිරුණු තනිකම් ..................අඳුර
වේවා ගලන මේ සඳ එලියට ....................ගොදුර
තනි කොට්ටයට හිමිකම් ඇති මගේ ............පැදුර
ඉකි බිඳිනවා සඳ! එය ඇසුනිද ....................මිතුර  :'(



Wednesday, December 25, 2013

නැගෙන තොස ..........


before..
දිය බරිත වූ අහස
දම් පැහැයෙන් සිත්තම් වූ විලස
දැනෙයි සිතුවිලි පහස
තනිකමට හුරු වූ ........ :(

 අහසින් වැටෙන  දිය බිඳු
තෙමාගෙන  මහා කඳු
සොයා යන ලෙස සිඳු
දැනෙයි මාගේ සිතූ
සොයන බව නොලත්  පැතු ....... :(


middle
පිපෙන කල බිම් හතු
පාළු කර උයන් වතු
වගෙයි මාගේ සිතූ,
නොවෙයි එය මා නතු ....  :(



after....
යොමා නෙත හැම දෙස
ගැටුණු විට ඒ ඇස
දැනුණි  නිති සොම්නස
කිරුළු පැලඳු වගෙයි හිස මත ........ :).

(~~~)හමන මේ මද නල
පිස ගෙන අහස කුස
ගලාගෙන යන යස(~~~~~~~~)
කොඳුරන සුළං බස
වඩවයි හිතේ තොස :)

සුළගේ..........!!!!!!

නගා ගොස
ලඟා වී ඔහු දෙස
පවසනු මගේ බස
ඔහුගේ කියුම් බස
වහ ගෙන එව!!!!!!!
??
??
??
??
??
??




නගා ජය ගොස ...........  (Y)



අදහසකුත් කියලා යන්න හොඳේ.....

Saturday, December 21, 2013

දින පොතෙන් ....




        අම්මලා ළමයි හදලා උගන්නන්නේ ගොඩක් අසාවෙන් .එහෙම උගන්නලා ඒ ගොල්ලෝ බලාපොරොත්තු වෙනවා තමන්ට වඩා හොඳ තැනකට ඒ ළමයි කවද හරි යයි කියලා.තමන් විඳපු දුක් ඒ දරුවෝ විඳින එකක් නෑ කියලා එයාලා හිතනවා.
          මේ මම කියන්න යන්නේ දරුවෝ පස් දෙනෙක් වදාපු අම්ම කෙනෙක් ගැන.ඒ මගේ කිරි අම්මා .. ඇයට දැන් වයස 80 ගානක් වෙනවා.හරියටම ඉපදුන අවුරුද්ද මතක නැතිලු.මගේ පවුලේ ඒ පරම්පරාවේ අවසාන පුරුක කිරි අම්මා තමයි.
          ඇස් වහක් කටවහක් නෑ ... කිරි අම්මයි කිරි අත්තයි දරුවෝ පස් දෙනාට හොඳට ඉගැන්නුවා.එකෙන් හතර දෙනෙක් ම උපාධි ධාරීන් ඉහල තැන් වල රැකියාවල් කරන . ඒ ගැන කිරි අම්මා කාත් එක්ක හරි කතා කරද්දී හරි ඉහලින් කතා කරනවා මට ඕනෑ තරම් ඇහිලා තියෙනවා.ඒ එයාගේ සතුට ..මගේ අම්මා මට කියල තියනවා කිරිඅම්මා කොහොමද ඒගොල්ලන්ව ජිවත් කලේ කියලා.පොල් අතු වියලා,රබර් ගස් වල කිරි කපලා ,ගෙදර පොඩි කඩයක් කරලා තමයි පවුල රැක්කේ.මටත් ඒ ගැන පොඩ්ඩක් අත්දැකීම් තියනවා.මොකද මමත් පුංචි කාලේ කිරිඅම්මා පස්සෙන් පොල් අතු වලවල්,රබර් වතු අස්සේ,කොරටු අස්සේ,කොහිල වල වටේ ඇවිදපු නිසා. මට ඒ දවස් වල ඒ ගැන එච්චර වැටහීමක් තිබුනේ නැති උනත් අද හිතෙනවා ඒ අම්මා තමන්ගේ දරුවෝ දරුවන්ගේ දරුවෝ වෙනුවෙන් තමන් ව අමතක කළා කියලා.මට තාමත් මතකයි අම්මගේ මහා ගෙදර යද්දී කිරිඅම්මා කුස්සියේ දොරකඩ ලග වාඩිවෙලා කොස් කපකපා ඉන්න හැටි .ගිය ගමන් හදන්නේ ඉක්මනට බඩ පුරවන්න .කිරිඅම්මගේ හිත යට දයාව අනුකම්පාව අපි ගැන විතරක් නෙවේ ගමේ ඉන්න අය ගැනත් තිබුනා.ගමේ අය කතා කලේ "  නෝනිආච්චි " කියලා .  ඒ වගේම තමයි  පුදුමාකාර විදියට හිතෙන් ශක්තිමත් ගැහැනියක්. ඒ වගේ ශක්තියක් අපේ අම්මට වත් නෑ..
               මට මේ හැමදෙයක්ම මතක් උනේ මේ ලඟදි කිරිඅම්මගේ ලොකුම දුවගේ ඒ කියන්නේ මගේ ලොකු අම්මගේ දුවගේ  මංගල්‍යය තිබුනා.කොහොමහරි කිරිඅම්මවත් ඕකට එක්කන් ගියා.එත් එතන හිටපු අර ලොකු ලොකු මිනිස්සු අස්සේ කිරි අම්මව පොඩිම පොඩි මනුස්සයෙක් වුනා.පොටෝ එකට පෙනී ඉන්න එක පවා මදිකමක් වුනා. ඇත්තටම එක සාධාරණද කියලා මගේ හිත මගෙන්ම ඇහුවා ..
 කිරිඅම්මා තමනට පුළුවන් උපරිම හොඳට ඇඳපැළඳ ගෙන උන්නා.එතන උන්න අනිත් මිනිස්සු එක්ක බලද්දී එක නිකන් ගෙදරට ඇඳලා උන්න වගේ තමයි.එත් ඇය උත්සහ කළා තමාගේ දරුවට ලජ්ජවක් නොවෙන විදියට ඉන්න .
             ළමයි ලොකු ලොකු තැන්වලට ගියාම අම්මලා තාත්තලට ඒ තැන් වලට එන්න ගොඩක් අමාරුයි . දරුවන් ගෙ තත්ත්වෙට .... එක අපට වෙනස් කරන්න බෑ .මොකද එක එයාලගේ ලෝකය.එක ඒ විදියට දකින්න අපට පුළුවන් වෙන්න ඕන.
           සමහර විට ලොකු අම්මගේ පැත්තෙන් එක සාධාරණ ඇති.ඒක මට කියන්න බෑ .මොකද මට එයාගේ හිතේ තියන දේ පෙන්නේ නැති නිසා.සමහර විට අර අවස්ථාවේදී පෙන්නන්න බැරි උනාට එයාගේ හිතේ අම්මා ගැන ආදරයක් තියෙන්න ඇති.මෙතැනදී කාටවත් දොස් කියන එක සාධාරණ නෑ. එක ලෝකේ හැටි.. ඉස්සරහදි අපි වයසට ගියාම උනත් ඒ වහේ ඉරණමකට මුණ දෙන්න අපි කාටත් ඉඩ තියනවා.....

හ්ම්ම්........

මම වැරදිද කියලා ඔයාලටත් කියන්න පුළුවන්.. ඒ ගැනත් කියලම යන්න

Tuesday, December 17, 2013

~අහිමි ලෝකය ~

මේක මම ගොඩක් කාලෙකට කලින් ලියපු එකක්.....පොත් ටික එහා මෙහා කරද්දී ඒවා අස්සේ තිබිලා හම්බුන කොලයක මම ම මෙහෙම ලියලා තිබ්බා . මේක විරහවක් ද කියලා මට තේරෙන්නේ නෑ.. එත් ඒ කොලේ නිකම් ම අහක දාන්නේ නැතුව එකේ තිබ්බ දේ මෙහෙම පල කරන්න හිතුනා ....




ලඟා වන විට හිරුගේ අරුණලු
තොටුපල අසලට කෙමෙන් කෙමෙන්
බලා උන්නෙමි ඔරුව එනතෙක්
රැගෙන යාමට මෙමා
දැක්කා ඔබ එනවා
පහුරකි නැගී ඈත සිට
වනමින් ඔබේ අත
මෙ ඉවුර උන් මෙමා  හට
හදවත මගේ ඉපිලුනා තුටින්
නතර උන බව දැනුනා මොහොතකට
ඒ....
ඔබගේ සම්ප්‍රාප්තිය මා වෙනුවෙන්
යයි සිත කෑ ගසා කියූ බැවිනි
එනමුදු ...........
ලගටම ආ පහුර
නතර කලේ මට නොව
මා අසලින් සිටි තවකෙකුටය
නංවාගත් ඔබ ගියා ඈතට
මා ඔබ දෙස බලා
ඉකි ගසා අඩද්දී
කදුළු පිරි දෑසින්
................................................................................................
දෙඇස් දෙකොනින් දෝර ගලනා කඳුළු වැල් උණු වී ඇසේ...
කියයි හඬ ගා නුඹට දැක්වූ ආල සිතුවිලි මගේ ලයේ .....
සොයයි ඔබේ රුව රතු වූ දෙනුවන් බල බලා හැම දස අතේ ......
වේදනාවෙන් සිර කරයි සිත සොඳුරු මතකය අද ඔබේ ............
...........................................................................................................


මටත් හිතෙන පිස්සු දේවල් කියලා වෙලාවක හිතුනා මේක බලද්දී.. එත් මේකෙත් අර්ථයක් තියනවා සැඟවුන..... ඒවගේම සැඟවුන ලොකු දුකකුත් තියනවා එක  ගැහැණු ළමයෙකුට දැනුන.... මගේ අතින් වචන වලට පෙරළුණ ඒ දුක ඔයාලටත් තේරෙනවද බලන්න...............

බලලා අදහසකුත් කියලා යන්න...........

Monday, December 16, 2013

ඔහු කවියෙක්...

අද නම් කවි ලියන්න හිතුවේ නෑ ...එත් මම ඉන්න සියනෑ කෝරලයේ ,රදාවානේ  ඉපදුන එක්තරා කවියකුට ගරුකිරීමක් විදියට දෙයක් පල කරන්න හිතුනා. මේක මම මුහුණු පොතේ සැරිසරද්දී දැකපු දෙයක්..... මේක ඇත්ත දෙයක් කියලා එය  කියවද්දී  මට නිකමට හිතුනා .
 මේ මහගම සේකරයන් .......... ලෝකය දෙස වෙනස් විදියට බලපු කවි ඇසක් එතුමාට තිබ්බා........ඒවගේම ලොවෙන් එකෙක් එක දෙකට වෙයි සමත කියන දේ බොරුවක් කියලා කියන්නත් මෙතුමාට පුළුවන් වුනා...
ඇත්තටම එතුමා පුදුමාකාර මිනිසෙක් ...........

Friday, December 13, 2013

~~~~~ විරහව ගියා ඉහවහ ~~~~~~~~



පටන් ගන්න කොටම යාලුවෙක් වෙනුවෙන් මේ කවිය ලියන්න හිතුනා.  මාව දිරිමත් කරපු  ..

  ලියනා කවි වලට නොයෙකුත් අරුත් ............ඇති 
  ඒවා තෝරමින් කිව්වා නොයෙක් ................පැති 
  පද වැල් වල වටිනාකම කිව්ව ........................නිති
  මිතුරු සඳේ පුදනෙමි මම නුඹට ....................තුති 

කවියක් ලිව්වේ නැතුවම සමහර අය මගෙන් අහලා තියනවා අද කවියක් ලිව්වේ නැද්ද කියලා.. ඇත්තටම ඔයගොල්ලෝ මගේ කවි රස විදින එක මට ගොඩක් සතුටුයි. ලියපු හැම කවියකටම මොකක් හරි හේතුවක් තිබ්බා සැගවිච්ච ...ඒ ගොඩක් දේවල් මට සිද්ද වුන දේවල් නම් නෙවේ.. එහෙම නොතිබුනා ත් නෙවෙයි .. විරහව, boot වගේ දේවල් ගැන ලිව්වම සමහර වෙලාවට පොඩි කළහ කාරී දේවලුත් වුනා.. ඉතින් මම හිතුවා විරහව ගැන ලියන එක පොඩ්ඩක් අඩු කරන්න. සමහර විට ඉස්සරහට ඒවම ලියන්න වෙයිද දන්නේ...( කියන්න බැනේ.. මොනවා වෙයිද කියල...) එත් මම විරහව ගැන මේක විතරක් කියල ඉවර කරන්නම් (අයේ විරහව ගැන කියන්නේ නෑ කියලා හිතාගෙන...) එත් එක්කම අර කවි ගැන අහලා  දිරිමත් කරපු  අයට ආයෙත් ස්තුතියි කියනවා.. මේ කවි ටික ඒ අයත් මතක් කරලා ලිව්වා.... :)


මුළු ලෝකෙම මා අමතක කරන ....................කොට
කෙමෙන් ලං උනා නුඹ හට පතා .......................තුට
නුඹත් අහක බැලුවා ඒ මගේ........................... පවට
ඔසුවක් නැද්ද දෙවියනි මාගේ......................... දුකට

පැවසු වදන් නුඹ හට නම් නැත ......................වැදුනේ
ඒවා නිසා මට මගේ හිත තව ..........................රිදුණේ
නුඹගේ වදන් මගේ හිතේ දිගටම ....................රැදුනේ
කිසිම දිනක අමතක නොකරමි ......................සඳුනේ

ඔන්න ඉතින් කෙල්ලක් අඩනවලු.... මම කිව්ව ඒ කෙල්ලට ඔහොම අඩන්නේ නැතුව මෙහෙම කියන්න කියලා . එක එයාගේ ඇගට ගුණයි... :D
 
නුඹට ඉතින් මේ මා ඕනේ ............. නැතිනම්
මටත් ඉතින් නුඹ ඕනේ නෑ ............එහෙනම්
කරනෙමි අදින් හිත යට ඇති දුක ......තහනම්
සිනහව එකතු කර උගනීම්  දැන් .........පාඩම්

නැද්ද මම අහන්නේ....?


අර සිංදුවකුත් තියනවලු නේ

" එක වරක් ඔබට මා එපා නම් සිය දහස් වාරයක් එපා "

ඔන්න ඔයවගේ මොකක්ද එකක් කියලා . මගේ කණ ලගින් ගියපු වචන සැට් එකක් ඒ .

එත් ඉතින්.. ඒ දැරිවි මම කිව්ව එකක් කනකට වත් ගත්ත එකක් යේ..
 ඔහේ අඬ අඬා උන්නා.වැලහින්නක් වගේ ..........

ටික දවසකට පස්සේ  එයා ආගිය අතක් නැති වුනා  .එයාගේ කාමරේ තිබිලා කවියක් හම්බුනාලු.. එකේ තිබිලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. එක ලියල තියෙන්නේ කව්රු වෙනුවෙන් ද කියලා කියවද්දී තේරුම් යාවි ..

හැම මොහොතක්ම ගත කෙරුවේ නුඹව ...............සිතා
තිබුනේ එකම පැතුමයි ඒ නුඹව ............................පතා .
ගන්නට නොහැකි බව මගේ අත කිව්ව .................නිසා
හැරදා යන්න සුදානම් දිවිය ..................................නසා

මම හිතන්නේ ඒ දැරිවිට ඊට පස්සේ කවි ලියන්න හම්බෙන්න නැතුව  ඇති....

අනේ... අපරාදේ ...!! ඇත්තටම විරහව ඉහවහ ගියා නේද ?

කියවල බලලා අදහසකුත් කියලා යන්න හොඳේ.........................


Wednesday, December 11, 2013

~~~~~~ දීගෙට හෙට විසි වසරයි ~~~~~

 අපේ කාලයේ යසෝධරාවකගේ සිතුවිල්ලක්.



දොරකඩ ලඟට විත් ඔහු පය ගසන ............................විට
ඉහේ මලක් පිපුනා මෙන් දැනෙයි ..............................මට
විසි වසරක් ගත වී ඇති දීගේ.....................................හෙට
තාමත් නැවුම් බව දැනෙනවා හිතන.........................කොට

එක් අතකින් බඩු මල්ලක් ...........................රැගෙන
ගෙට ගොඩවෙන මගේ හිමි සඳ ...........පිළිගැනෙන
ලෙසින් මමද හසරැල්ලෙන් ..................සැරසිගෙන
දොරකඩ වෙත ඇදෙමි හදපිරි ...........සන්තොසෙන

විසි වසරක් ගත කෙරු මේ දීගේ.........................පුරා
ශෝකය සැපත එක ලෙස සම ලෙසින් ..............දරා
අපි උන්නා දුක සොම්නස හිතේ ........................දරා
හැඟෙයි ඔහුව ලද බව මම සසර .......................පුරා

සමහර දවස් වල සුළු අඩදඹර ...................වුනා
අමතක කර දමා පසු දින හිනා ..................වුනා
පිසෙන තුරුය බත,දබරය යයි ...............කියනා
සොඳුරු වදන හැම විටකම සපල ..............වුනා

වැටෙනා කලට ඔහු මා පසු පස ...................සිටියා
ඔහුගේ සැපත අප වෙනුවෙන් අත ..............හැරියා
දරුවන් සමග මා නිරතුරුවම .......................රැකියා
ඔහු විය පවුලේ සැමගේ පැතු ඉටු ...............දෙවියා

නිවසේ සතුටේ ආදරයෙහි ...................අරුණැල්ල
ඔහු නැති නිවසේ ඇති විය හැම විට .............කල්ල
වාගේ අහිමි කල වෙරළට ............................රැල්ල
නොමැති කලට ඔහු  මුහුණේ...................හසරැල්ල

නිවසේ දිරිය ශක්තිය හැම විට ......................වුවා
මගේ සතුට සොම්නස ඇත ඔහු ...................ගාවා
විසි වසරකුත් මේ ලෙස අපි දුර ....................ආවා
මින් මතු බවයෙදිත් ඔහු මාගෙම...................වේවා !!!!

විසි වසරක් හිමියන් වූ ................දෙවියන්ට
කරන කියන හැම දෙයක්ම හරි .........යන්ට
යනෙන ගමන් මග දෙවියෝ රැක ......දෙන්ට
මගෙත් ආයු ලැබ ඔහු ජිවත් .............වෙන්ට!!!!!!!!!

Tuesday, December 10, 2013

~~~~~කඳුළු~~~~~


හිස දැන සිටියා නුඹ ගැන වත ගොතත් ...............................හැම
ගත දැන සිටිය නුඹට දුරයි දුරින් ...........................................මම
හදවත නොඇසුවා මේ හැම කරුණු .....................................කිම
එය දැන දැනත් මා බැන්දා නුඹට ........................................පෙම

සීත සුළං සිත තුල හැම අත .................................හැමුවා
ඇවිලෙන ගින්නකින් මා ගත සිත .........................දැමුවා
හිස පැවසුවේ අමතක කර මෙය ...........................යමුවා
පුදුමයි මටත් හදවත හට හිස ...............................නැමුවා

තනිකම අඳුර සිතයට මගේ ගුලි .............................කෙරුනා
මගේ මුළු ලොවම විරහවේ ගින්නෙන් ......................දැවුනා
ඒ ගින්නෙන් මුළු ලෝකය අළු ..............................කෙරුනා
මේ ඇත්තමයි නුඹ හින්දා මට ..................................ඇඬුනා


ගීයක් ගැන සිතූ යමක්


ටිකක් වෙනස් විදියේ දෙයක් ලියන්න හිතුනා. මට ලියන දේවල් එච්චරටම හොදට ලියන්න බෑ  කියලා මම දන්නවා .. එත් මම අහපු එක ලස්සන ගීතයක් ගැන මට පොඩ්ඩක් කියන්න හිතුනා. එක අහද්දී මට දැනුන දේ ගැන .. එක ඔයාලත් අහල ඇති... මේක කියවලා පොඩ්ඩක් අයෙත් අහල බලන්න....
      මම දන්නේ නෑ විචාර ලියන්න.. මොකෝ මම O /L  කලාට පස්සේ විචාරයක් ලියන්න හිතල නෑ.. මේක මගේ හිතට ආපු දෙයක් විතරයි...

අහලා තියනවා නේද මෙන්න මේක....

සොඳුරු අතීතයේ නිමල පැතුම වී 
මගේ හද තුල ඔබ ඉන්න ඇති 
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි 
ආදරයෙන් හමු වෙන්න ඇති ....

    මේක දකිද්දී හිතන්න පුළුවන් අප්පෝ ඕක අපි අනන්තවත් අහල තියනවනේ කියලා. එක ඇත්ත.. මේක ගොඩක් ප්‍රසිද්ධයි.එක එක පාරක් හොදට රස විඳපු කෙනෙක් ට තේරෙනවා ඒ ගීතය තමන් ගෙ හිත පතුල විනිවිද යනවා වගේ. අමුතුම හැඟීමක් .(boot කාපු අය කොහොම හිතනවද කියන්න දන්නේ නෑ ඔන්න් )
      T.M ජයරත්නයන්ගේ හඬින් ඔප් නැංවෙන මේ ගීතය ඒ හඩත් එක්ක තවත් ජිවය ලබනවා.තරුණයෙකුගේ හිතේ තියන සතුට ,නිදහස් ගතියක් ඒවගේම තමන්ගේ ප්‍රේමය ගැන ගොඩක් තෘප්තිමත් බවකුත් ඒ ගීතයෙන් පෙන්න තියනවා.ගායකයාගේ කට හඬට පුළුවන් වෙලා තියනවා ඒ හැඟීම සහෘදයාගේ ම කරලා දෙන්න. ඇත්තටම කියනවා නම් අහන අපේ හිත් වලට කිඳා බස්සන්න.
       මේක අහනකොට ඒ තරුණයාගේ හිතේ තිබ්බ හැඟීම මටත් දැනුන වගේ.ඔහු ඔහුගේ ආදරය ගැන සතුටු වෙනවා වගේම ස්තුති වන්ත වෙනවා.ඔහුට ඇය ඔහුටම හමුවෙන්න හේතුව හිතා ගන්න බෑ. "මෙන්න මේ හින්ඳා ඇය ව මට මුණ ගැහෙන්න ඇති " කියා කියා ඔහු හේතු සොයනවා. ඔහු කියන්නේ ඇය ඔහුගේ අතීතයේ ප්‍රාර්ථනයක් වෙන්න ඇති, ඒ නිසා ඇය ව ඔහුට ලැබුන වෙන්න ඇති කියලා....
හ්ම්ම්ම්ම් ..... පුදුම ගීතයක්.....
කඳුල සුසුම මැද, සතුට සිනා මැද
භවය පුරා ළඟ ඉන්න ඇති ....
එදත් මගේ සිත අද මෙන් කැපවී 
ඔබේ නමට පුද දෙන්න ඇති....

නොසැලී නොතැලි බාධක හමුවේ 
ආ හින්දා ජය ගන්න ඇති....
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි 
මේ අයුරින් හමු වෙන්න ඇති.......

ඔහු හිතන්නේ සංසාරේ හැම බවයකදිම ඇය ව ඔහුට ලැබෙන්න ඇති,දුක සැප දෙකම බෙදාගෙන සංසාරේ පුරා මෙතෙක් ආපු ගමන් මගේ හොදින් ජීවිතය ගෙවන්න ඇති කියලා. හරියට සිද්ධාර්ථ යසෝධරා වගේ.එහෙම පතාගෙන ආපු නිසා මේ බවයේදීත් ඇය ව ලැබුනා කියල තමයි ඔහුගේ විශ්වාසය... පුදුමයි......
                          කොහොම වුනත් මේකෙන් ඒ තරුණයාගේ හිතේ තියන තෘප්තිය ,නිදහස් බව, ඇය කෙරෙහි තියන අප්‍රමිත ආදරය, විශ්වාසය මොනවට පැහැදිලි වෙනවා.ඒ වගේම තමයි ඒ පද වලට සපයල තියන සංගීතය,සිතාරය ,තබ්ලාව වයලීනයේ ශබ්දයෙන් වගේම ගායකයාගේ හදවතට කතා කරන කට හඬින් ඒ බව තවත් වැඩි කරනවා.....
       එක එක්කෙනාට ගීතයක් රස විඳින්න පුළුවන් වෙනස් වෙනස් විදි වලට. සමහර අයට මට දැනුන දේ නොදැනෙන්න පුළුවන්. ඊට වඩා වැඩි දෙයක් රස විඳින්නටත් පුළුවන්.....එක රස විඳින පුද්ගලයා මතයි තීරණය වෙන්නේ ... පුළුවන් නම් අයෙ පාරක් මේ ගීතය අහන්න.... අහලා ඔබේ හදවතින් අහන්න.... ඇත්තටම ඒ ගීතය ඔබට කෙඳුරුවේ මොකක්ද කියලා.....

~මවක් ~



නගරෙට ගොසින් මා යලි එන අතර...............මග 
නැවැත්තුවා බස් රිය රෝහලක් ...................ලග 
දුටුවා තුරින් සිදුවීමක් පිරිස් .......................තොග
එය දැක දැනුනා මගේ හදවත සැලෙන ........වග 

රෝහලේ යකඩ ගේට්ටුවෙන් ඇති ...........පරණ 
ආවා ලඳක් එලියට ඇදගෙන ...................ඉරුණ 
චිත්තයක් සහ කඩ මලු වැල් .................කෙරුණ 
අතේ තිබුනා පොදියක් වගේ ගුලි .........කෙරුණ 

තුරුල් කරන් ඉන්නා මේ ගුලිය ................දයා 
බරිත ඇස යොමමින් දෙනෙත් ................අයා
මමත් බැලුවා කුමක් ද මේ වෙන්නේ .......කියා 
වැටහෙන්නට මට නම් මද වෙලා ............ගියා 

උන්නත් ඇදන් කඩමලු මේ දුගී .............. ලඳ 
තිස් වසරක් වත් තරම් නොමැතිය දිවිය ...ඇද
රැක සිටි පොදියේ කරමින් සිය ලැමට.......තද
සිටියේ කුඩා දරු පැටවෙකු උපත.............ලද 

කැහැටු කුඩා දුප්පත් සිය සිරුර ................දරා 
සෙව්වා ක්ෂිර කදුලක් ඇගෙ සිරුර ..........පුරා 
කිරි කර දෙන්න ලේ කඳුලක් නොමැත..පෙරා
ඇය වැටුනේ ඇවිලෙන ගින්නකට .........බුරා 

දරුවා හඩයි කෑ ගසමින් බඩ................ගින්නේ 
ඇය නළවයි හිතේ ඇවිලෙයි  සෝ .....ගින්නේ 
කුමක් කරන්නද නොදැනයි ඇය .........ඉන්නේ 
අවට සිටින උන් යයි එය ...........  ..බලමින්නේ 

දරුවා රැගෙන ඇය බස් රිය වෙත ...............ඇදුනා
කාසි මුදල් එක එක ඇය වෙත ..................වැටුනා 
ඒවා රැගෙන ඇය කඩයක් වෙත ................ඇදුනා  
ඇගේ මුවේ සිනහව මදකට ..................... ..රැදුනා 

දුගී මවට උපන්න ඒ කිරි ............................කැටියා
සමහර විටක නොලදෙක් වෙයි මතු............රැකියා 
යම් මතු දිනක ඒ සුරතල් දරු .....................පැටියා 
හිගන්නෙක්ම වෙයි ඒ බව කිව .................හැකියා 

වෙසෙනා ලොවේ පවතින මේ වගේ ............කරුම 
ජිවිත ගත කරන පිරිසක් ඇත........................උරුම
එබැවින් සබඳ ඔබ මේ ලද දිවි ......................පරම 
ධනය සමග මුසු කර ගත කරමු .......................හැම   

Tuesday, December 3, 2013

විරුවෙකුගේ ප්‍රේමය



මම ගැන නොවේ මම නිතරම ...........වෙහෙසෙන්නේ
මගේ පසු පසින් සිටි නුඹ ඒ බව ....................දන්නේ
ඒ බව දැන දැනත් ඇයි දැන්  වද  ..................වෙන්නේ
මගේ පෙම්බර ලඳේ මදකට ....................නාඩන්නේ

සමාජයේ අග තැම්පත් විෂම...................බවින්
මුදා ගන්න සටන් කරමි එකී ..................පවින්
බොහෝ දෙනෙකු සටන් කරයි මගේ .....නමින්
මමත් බැස්සේ සටනට ඒ සැමගේ ...........නමින්

තණ අග පවතිනා පිණි බින්දුවක් ........ලෙසින්
අස්ථාවරයි විරුවෙකුගේ දිවිය ..............තදින්
නැහැවී ගොසින් මාගේ මේ සිරුර ........ලෙයින්
දිවියෙන් තොර වුවත් මම ඉන් යන්නේ ..තුටින්

ඒ බව දැන දැනත් නුඹ මට පෙම් ......... බැන්දා
ජිවිතයේ සුන්දර බව සිහි................... කැන්දා
මම නම් නුඹට දුන්නේ දුකමය .............හින්දා
ඇයි ද ලඳුනි නුඹ තවමත් මා ...............රන්දා

සිතේ තිබුණ මුත් මට නුඹ ගැන ............ආලේ
ලං විය නොහැකි විය නුඹ හට කිසි........තාලේ
ඉදිරියටත් ගත වෙයි කල ඔය ................තාලේ
කුමක් කරම්දෝ නොදනිමි මගේ.............ආලේ

හැරදා යන්න නුඹ හට අවසර............. ඇත්තේ
අවසන් වතාවට නුඹ දෙස ඇස ............ගත්තේ
නුඹේ දිවියේ ගෙවෙනා කල මතු .........මත්තේ
සතුටින් ගෙවෙනු දැකුමයි මගේ හදෙ....ඇත්තේ

මෙපමණ කලක් මා කී හැම දෙයක් ............දරා
නුඹ වුවාය හැමකල මට ........... .........යසෝදරා
නුඹේ යහපත වෙනුවෙන් මම නුඹව ........හෙලා
රට දැය සමය වෙනුවෙන් කැප කෙරුම .....කළා