Saturday, September 15, 2012

සරණක් සොයන ළඳ




දැක සේයාව මිරිඟුවෙහි
අතහැර දැම්මාය යථාර්ථයේ ගිනි සිළුව
ඇවිද යන්නට සිදුවිය ඉබාගාතේ,
සොයමින් සහනයේ පැන් පොදක් ,
වියලි ගිය සිත තෙමා ගන්නට....
සමුවිය පානයක් රන් මංජුසාවක බහා
මිහිරි යයි පෙනුන,
බිව්වාය ඇය එක හුස්මට ,
දෙවරක් නොසිතාම...
අහෝ...!
සිදුවිය වැටෙන්නට
පතුලක් නොමැති ලිඳකට
ගොඩවිය නොහැකි කෙදිනක හෝ..
දැගලුවා ඇය කෑ ගසමින් ,
අවට උන්ගෙන් උදව් පතමින්,
අනේ කරුමේ ...යෙයි කියා
මග ඇරියවුන් මිස
නැත කිසිවෙකු උන්නේ
ඇයව ගොඩ ගැනීමට ..........

 කෙනෙකු කරදරයක වැටුණ විට උදව්වට පැමිණෙන්නේ ඉතා සුළු පිරිසක් . ගොඩක් වෙලාවට හැමෝම කරන්නේ ඒ දිහාබලලා දුක් වෙන එක විතරයි.. එහෙම නේද?

2 comments:

  1. සහතික ඇත්ත මහී...දැන් දැන් දුක් වෙන අයත් අඩුයි. ඉන්නේ දුක් වෙනවා කියලා පෙන්නන අය.....

    ReplyDelete