Powered By Blogger

Tuesday, December 10, 2013

ගීයක් ගැන සිතූ යමක්


ටිකක් වෙනස් විදියේ දෙයක් ලියන්න හිතුනා. මට ලියන දේවල් එච්චරටම හොදට ලියන්න බෑ  කියලා මම දන්නවා .. එත් මම අහපු එක ලස්සන ගීතයක් ගැන මට පොඩ්ඩක් කියන්න හිතුනා. එක අහද්දී මට දැනුන දේ ගැන .. එක ඔයාලත් අහල ඇති... මේක කියවලා පොඩ්ඩක් අයෙත් අහල බලන්න....
      මම දන්නේ නෑ විචාර ලියන්න.. මොකෝ මම O /L  කලාට පස්සේ විචාරයක් ලියන්න හිතල නෑ.. මේක මගේ හිතට ආපු දෙයක් විතරයි...

අහලා තියනවා නේද මෙන්න මේක....

සොඳුරු අතීතයේ නිමල පැතුම වී 
මගේ හද තුල ඔබ ඉන්න ඇති 
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි 
ආදරයෙන් හමු වෙන්න ඇති ....

    මේක දකිද්දී හිතන්න පුළුවන් අප්පෝ ඕක අපි අනන්තවත් අහල තියනවනේ කියලා. එක ඇත්ත.. මේක ගොඩක් ප්‍රසිද්ධයි.එක එක පාරක් හොදට රස විඳපු කෙනෙක් ට තේරෙනවා ඒ ගීතය තමන් ගෙ හිත පතුල විනිවිද යනවා වගේ. අමුතුම හැඟීමක් .(boot කාපු අය කොහොම හිතනවද කියන්න දන්නේ නෑ ඔන්න් )
      T.M ජයරත්නයන්ගේ හඬින් ඔප් නැංවෙන මේ ගීතය ඒ හඩත් එක්ක තවත් ජිවය ලබනවා.තරුණයෙකුගේ හිතේ තියන සතුට ,නිදහස් ගතියක් ඒවගේම තමන්ගේ ප්‍රේමය ගැන ගොඩක් තෘප්තිමත් බවකුත් ඒ ගීතයෙන් පෙන්න තියනවා.ගායකයාගේ කට හඬට පුළුවන් වෙලා තියනවා ඒ හැඟීම සහෘදයාගේ ම කරලා දෙන්න. ඇත්තටම කියනවා නම් අහන අපේ හිත් වලට කිඳා බස්සන්න.
       මේක අහනකොට ඒ තරුණයාගේ හිතේ තිබ්බ හැඟීම මටත් දැනුන වගේ.ඔහු ඔහුගේ ආදරය ගැන සතුටු වෙනවා වගේම ස්තුති වන්ත වෙනවා.ඔහුට ඇය ඔහුටම හමුවෙන්න හේතුව හිතා ගන්න බෑ. "මෙන්න මේ හින්ඳා ඇය ව මට මුණ ගැහෙන්න ඇති " කියා කියා ඔහු හේතු සොයනවා. ඔහු කියන්නේ ඇය ඔහුගේ අතීතයේ ප්‍රාර්ථනයක් වෙන්න ඇති, ඒ නිසා ඇය ව ඔහුට ලැබුන වෙන්න ඇති කියලා....
හ්ම්ම්ම්ම් ..... පුදුම ගීතයක්.....
කඳුල සුසුම මැද, සතුට සිනා මැද
භවය පුරා ළඟ ඉන්න ඇති ....
එදත් මගේ සිත අද මෙන් කැපවී 
ඔබේ නමට පුද දෙන්න ඇති....

නොසැලී නොතැලි බාධක හමුවේ 
ආ හින්දා ජය ගන්න ඇති....
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි 
මේ අයුරින් හමු වෙන්න ඇති.......

ඔහු හිතන්නේ සංසාරේ හැම බවයකදිම ඇය ව ඔහුට ලැබෙන්න ඇති,දුක සැප දෙකම බෙදාගෙන සංසාරේ පුරා මෙතෙක් ආපු ගමන් මගේ හොදින් ජීවිතය ගෙවන්න ඇති කියලා. හරියට සිද්ධාර්ථ යසෝධරා වගේ.එහෙම පතාගෙන ආපු නිසා මේ බවයේදීත් ඇය ව ලැබුනා කියල තමයි ඔහුගේ විශ්වාසය... පුදුමයි......
                          කොහොම වුනත් මේකෙන් ඒ තරුණයාගේ හිතේ තියන තෘප්තිය ,නිදහස් බව, ඇය කෙරෙහි තියන අප්‍රමිත ආදරය, විශ්වාසය මොනවට පැහැදිලි වෙනවා.ඒ වගේම තමයි ඒ පද වලට සපයල තියන සංගීතය,සිතාරය ,තබ්ලාව වයලීනයේ ශබ්දයෙන් වගේම ගායකයාගේ හදවතට කතා කරන කට හඬින් ඒ බව තවත් වැඩි කරනවා.....
       එක එක්කෙනාට ගීතයක් රස විඳින්න පුළුවන් වෙනස් වෙනස් විදි වලට. සමහර අයට මට දැනුන දේ නොදැනෙන්න පුළුවන්. ඊට වඩා වැඩි දෙයක් රස විඳින්නටත් පුළුවන්.....එක රස විඳින පුද්ගලයා මතයි තීරණය වෙන්නේ ... පුළුවන් නම් අයෙ පාරක් මේ ගීතය අහන්න.... අහලා ඔබේ හදවතින් අහන්න.... ඇත්තටම ඒ ගීතය ඔබට කෙඳුරුවේ මොකක්ද කියලා.....

No comments:

Post a Comment