Powered By Blogger

Saturday, August 25, 2012

දල්වනු මැනවි ප්‍රඥා ප්‍රදීප



දත් නොමැති කුඩා කට
රෝස පෑ දෙතොලින් වටකර,
නගන විට සිනාව සුරතල් බිලිඳා..
දෙව් ලොවක සිරි ගනී වටපිට......
පැහැදිලිය පිනිබින්දුවක් මෙන්
නැත කිසිදු දුහුවිලි
ඊර්ෂියාවේ වෙරයේ ,
වැටුණු කල මෙන් උදැසන හිරු එලිය එය මත,
දිදුලයි ඔහුගේ හදවත,
දුටුවිට මවගේ මුහණ.....
තුරුළු වී ඇගේ උණුහුමට ඇකයේ
නිදන මුත් නුඹ
මවමින් සුන්දර සිහින ,
දුෂ්ඨත්වයේ අඳුරු සෙවණැලි,
පැමිණෙයි වෙලා ගන්නට නුඹව කවදා හෝ,
දල්වා ප්‍රඥාවේ ප්‍රදීපය එවිට,
කරනු මැන දුරු,
සෙවණැලි අඳුරු වූ ,
නුඹ ගිල ගැනීමට එන....


1 comment:

  1. ගොඩක් ලස්සනයි.ලියන්න දිගටම.ජය වේවා !

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න.

    ReplyDelete