Powered By Blogger

Thursday, September 6, 2012

පුංචි දියණිය





පිපී ගිලිහුනු සුවඳවත් මල්
වසාගද්දී වැලි තලාවන්
සිතේ තෙරපී සිතට වද දුන්
නිහඩ සිතුවිලි එලි බසී..

සිනා මල් දම් ගොත සැරසු ගෙඋයන් ,වතුපිටි එදා..
හඩයි සිහිවී චුටි දෝණිගේ අවමගුල සිහිවී මෙදා....
කෙලි කවටකම් වලින් අප සැම සිනා සයුරේ ගිල්වමින් ..
දැමු ඇගෙ දඟකාරකම් අද ඇත කොහේදෝ සැඟවෙමින් ...

පහන නිවුනා පුංචි නිවසේ ඔබ පැමිණි දින දැල්වූ ලයේ..
අන්දකාරයි නිවස සැමතැන මාගේ සුරතල් දියණියේ....
ගිරා පැටවුනි, ලේන් පැටවුනි අද නොමැත දූ මේ ගෙහි..
පිටව ගොස් ඇත සුරලෝකේ වෙත දමා තනිකොට අප මෙහි...

තබා ගත් මුත් රුදුරු ශෝකය හිතේ ගුලි කර බැඳ තදින්...
එලි බසී එය දෙමින් රිදුමන් වෙන්කළා මෙන් හිස කඳින් ...
නොයයි කිසිදා නුඹේ මතකය මගේ හදේ ගැඹුරුම තැනින්...
පතන්නෙමි සුව නිර්වාණයේ වැලපෙමින් ගත සිත සොවින්...

මෙවන් විපතක් කිසිඳු භවයක සිඟිති දූ හට යලි නොවේවා
නුඹ උපන් තැන  වාසනාවේ රිදී රේඛා පහල වේවා....
කරන හැමදේ,සිතන හැමදේ සිතන අයුරින් සඵල වේවා...
තවත් භවයක මගේ දුව වී මගේ තුරුලේ නුඹ රැඳේ වා.......

9 comments:

  1. ලස්සනයි.... දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති යාලු

      Delete
  2. අනේ ගොඩක් දුක හිතෙනවා යාලු. ඒත් ගොඩක් ලස්සනයි. දිගටම ලියන්නකෝ. ජයෙන් ජය!!!!!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ගොඩක් තැන්කු ඉතින්.. මට ගොඩක් සතුටුයි අදහස් කිව්වට...

      Delete
  3. අනේ ගොඩක් දුක හිතෙනවා යාලු. ඒත් ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  4. අපුරු නිර්මාණයක් දිගටම ලියන්න ජය

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති සචිත් යාලු.. ඔයාලගේ අදහස් මට හය්යක්

      Delete
  5. දුවලට මම හරි ආසයි....ලස්සන පද්‍ය පන්තියක්.
    ජයවේවා...!!!

    ReplyDelete
  6. ස්තුති රන්දු

    ReplyDelete