නගරෙට ගොසින් මා යලි එන අතර...............මග
නැවැත්තුවා බස් රිය රෝහලක් ...................ලග
දුටුවා තුරින් සිදුවීමක් පිරිස් .......................තොග
එය දැක දැනුනා මගේ හදවත සැලෙන ........වග
රෝහලේ යකඩ ගේට්ටුවෙන් ඇති ...........පරණ
ආවා ලඳක් එලියට ඇදගෙන ...................ඉරුණ
චිත්තයක් සහ කඩ මලු වැල් .................කෙරුණ
අතේ තිබුනා පොදියක් වගේ ගුලි .........කෙරුණ
තුරුල් කරන් ඉන්නා මේ ගුලිය ................දයා
බරිත ඇස යොමමින් දෙනෙත් ................අයා
මමත් බැලුවා කුමක් ද මේ වෙන්නේ .......කියා
වැටහෙන්නට මට නම් මද වෙලා ............ගියා
උන්නත් ඇදන් කඩමලු මේ දුගී .............. ලඳ
තිස් වසරක් වත් තරම් නොමැතිය දිවිය ...ඇද
රැක සිටි පොදියේ කරමින් සිය ලැමට.......තද
සිටියේ කුඩා දරු පැටවෙකු උපත.............ලද
කැහැටු කුඩා දුප්පත් සිය සිරුර ................දරා
සෙව්වා ක්ෂිර කදුලක් ඇගෙ සිරුර ..........පුරා
කිරි කර දෙන්න ලේ කඳුලක් නොමැත..පෙරා
ඇය වැටුනේ ඇවිලෙන ගින්නකට .........බුරා
දරුවා හඩයි කෑ ගසමින් බඩ................ගින්නේ
ඇය නළවයි හිතේ ඇවිලෙයි සෝ .....ගින්නේ
කුමක් කරන්නද නොදැනයි ඇය .........ඉන්නේ
අවට සිටින උන් යයි එය ........... ..බලමින්නේ
දරුවා රැගෙන ඇය බස් රිය වෙත ...............ඇදුනා
කාසි මුදල් එක එක ඇය වෙත ..................වැටුනා
ඒවා රැගෙන ඇය කඩයක් වෙත ................ඇදුනා
ඇගේ මුවේ සිනහව මදකට ..................... ..රැදුනා
දුගී මවට උපන්න ඒ කිරි ............................කැටියා
සමහර විටක නොලදෙක් වෙයි මතු............රැකියා
යම් මතු දිනක ඒ සුරතල් දරු .....................පැටියා
හිගන්නෙක්ම වෙයි ඒ බව කිව .................හැකියා
වෙසෙනා ලොවේ පවතින මේ වගේ ............කරුම
ජිවිත ගත කරන පිරිසක් ඇත........................උරුම
එබැවින් සබඳ ඔබ මේ ලද දිවි ......................පරම
ධනය සමග මුසු කර ගත කරමු .......................හැම
හරිම ලස්සනයි මහී...දුප්පත්කම උරුම වෙන්නෙත් සංසාරේ අපි කරපු කුසල අකුසල වලටනේ කියලා හිතලා තමයි මම ඔය වගේ දේ දැක්කම හිතා හදාගන්නේ. හරිම ශෝචනීයයි....
ReplyDeleteගොඩක් ස්තුති රන්දු...... හැමෝගෙම ජිවිත එක වගේ වෙන්නේ නෑනේ .... එක ලෝකේ හැටියක්...... අපි අපේ දුක දොම්නස් ගැන කියා කියා ඉන්නවා... අපට ලැබිලා තියන දේවල් ගැන හිතන්නේ නැතුව........ එත් මේ අය එක්ක බලද්දී අපට කොච්චර දේවල් ලැබිලා තියනවද...?
ReplyDelete