දොරකඩ ලඟට විත් ඔහු පය ගසන ............................විට
ඉහේ මලක් පිපුනා මෙන් දැනෙයි ..............................මට
විසි වසරක් ගත වී ඇති දීගේ.....................................හෙට
තාමත් නැවුම් බව දැනෙනවා හිතන.........................කොට
එක් අතකින් බඩු මල්ලක් ...........................රැගෙන
ගෙට ගොඩවෙන මගේ හිමි සඳ ...........පිළිගැනෙන
ලෙසින් මමද හසරැල්ලෙන් ..................සැරසිගෙන
දොරකඩ වෙත ඇදෙමි හදපිරි ...........සන්තොසෙන
විසි වසරක් ගත කෙරු මේ දීගේ.........................පුරා
ශෝකය සැපත එක ලෙස සම ලෙසින් ..............දරා
අපි උන්නා දුක සොම්නස හිතේ ........................දරා
හැඟෙයි ඔහුව ලද බව මම සසර .......................පුරා
සමහර දවස් වල සුළු අඩදඹර ...................වුනා
අමතක කර දමා පසු දින හිනා ..................වුනා
පිසෙන තුරුය බත,දබරය යයි ...............කියනා
සොඳුරු වදන හැම විටකම සපල ..............වුනා
වැටෙනා කලට ඔහු මා පසු පස ...................සිටියා
ඔහුගේ සැපත අප වෙනුවෙන් අත ..............හැරියා
දරුවන් සමග මා නිරතුරුවම .......................රැකියා
ඔහු විය පවුලේ සැමගේ පැතු ඉටු ...............දෙවියා
නිවසේ සතුටේ ආදරයෙහි ...................අරුණැල්ල
ඔහු නැති නිවසේ ඇති විය හැම විට .............කල්ල
වාගේ අහිමි කල වෙරළට ............................රැල්ල
නොමැති කලට ඔහු මුහුණේ...................හසරැල්ල
නිවසේ දිරිය ශක්තිය හැම විට ......................වුවා
මගේ සතුට සොම්නස ඇත ඔහු ...................ගාවා
විසි වසරකුත් මේ ලෙස අපි දුර ....................ආවා
මින් මතු බවයෙදිත් ඔහු මාගෙම...................වේවා !!!!
විසි වසරක් හිමියන් වූ ................දෙවියන්ට
කරන කියන හැම දෙයක්ම හරි .........යන්ට
යනෙන ගමන් මග දෙවියෝ රැක ......දෙන්ට
මගෙත් ආයු ලැබ ඔහු ජිවත් .............වෙන්ට!!!!!!!!!
ම්ම්ම්....මරු.....වෙනස් කවි සිතුවිල්ලක්....අපූරුයි මහී...
ReplyDeleteජයවේවා....!!!!
ස්තුති රන්දු යාලු ....
Deletelassaiiii.. niyamai.......
ReplyDeleteගොඩක් ස්තුති...අයෙත් මේ පැත්තේ ඇවිත් යන්න එන්න....
Deleteහැමෝම මෙහෙම හිතනවානම් ලෝකේ කොච්චර ලස්සන වෙයිද...
ReplyDeleteඔව් එක ඇත්ත ..එහෙනම් අද රටේ දික්කසාද ගොඩක් දුරට අඩු වෙනවා......... අයෙත් ඇවිත් යන්න එන්න මේ පැත්තේ ....
Deleteadahasa nam godaak hondai... me wage paul one tharam thiyenawa... samajaye e pethikada dakina eka hondai........ niyamai
ReplyDeleteගොඩාක් ස්තුති මල්ලි .........අයෙත් මේ පැත්තේ එන්නෝ
Deleteඅහම්බයෙන් වාගේ අද ඇවිත් දකින......................කං
ReplyDeleteඇයිද බොලේ මේ කවි ටික දැක්කෙ නැත්තෙ..........මං
බැඳපු එවුන් සේරම ඔය වගේ ඉඳියි.......................නං
මේ ලෝකය කොච්චර ලස්සන වේවිද....................බං :))
මක් කොරන්නද බං ...
Delete.එහෙම නැනේ දැන්
අහන ඒවාට මං
එපා වෙනවා බං