පටන් ගන්න කොටම යාලුවෙක් වෙනුවෙන් මේ කවිය ලියන්න හිතුනා. මාව දිරිමත් කරපු ..
ලියනා කවි වලට නොයෙකුත් අරුත් ............ඇති
ඒවා තෝරමින් කිව්වා නොයෙක් ................පැති
පද වැල් වල වටිනාකම කිව්ව ........................නිති
මිතුරු සඳේ පුදනෙමි මම නුඹට ....................තුති
මුළු ලෝකෙම මා අමතක කරන ....................කොට
කෙමෙන් ලං උනා නුඹ හට පතා .......................තුට
නුඹත් අහක බැලුවා ඒ මගේ........................... පවට
ඔසුවක් නැද්ද දෙවියනි මාගේ......................... දුකට
පැවසු වදන් නුඹ හට නම් නැත ......................වැදුනේ
ඒවා නිසා මට මගේ හිත තව ..........................රිදුණේ
නුඹගේ වදන් මගේ හිතේ දිගටම ....................රැදුනේ
කිසිම දිනක අමතක නොකරමි ......................සඳුනේ
ඔන්න ඉතින් කෙල්ලක් අඩනවලු.... මම කිව්ව ඒ කෙල්ලට ඔහොම අඩන්නේ නැතුව මෙහෙම කියන්න කියලා . එක එයාගේ ඇගට ගුණයි... :D
නුඹට ඉතින් මේ මා ඕනේ ............. නැතිනම්
මටත් ඉතින් නුඹ ඕනේ නෑ ............එහෙනම්
කරනෙමි අදින් හිත යට ඇති දුක ......තහනම්
සිනහව එකතු කර උගනීම් දැන් .........පාඩම්
නැද්ද මම අහන්නේ....?
අර සිංදුවකුත් තියනවලු නේ
" එක වරක් ඔබට මා එපා නම් සිය දහස් වාරයක් එපා "
ඔන්න ඔයවගේ මොකක්ද එකක් කියලා . මගේ කණ ලගින් ගියපු වචන සැට් එකක් ඒ .
එත් ඉතින්.. ඒ දැරිවි මම කිව්ව එකක් කනකට වත් ගත්ත එකක් යේ..
ඔහේ අඬ අඬා උන්නා.වැලහින්නක් වගේ ..........
ටික දවසකට පස්සේ එයා ආගිය අතක් නැති වුනා .එයාගේ කාමරේ තිබිලා කවියක් හම්බුනාලු.. එකේ තිබිලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. එක ලියල තියෙන්නේ කව්රු වෙනුවෙන් ද කියලා කියවද්දී තේරුම් යාවි ..
හැම මොහොතක්ම ගත කෙරුවේ නුඹව ...............සිතා
තිබුනේ එකම පැතුමයි ඒ නුඹව ............................පතා .
ගන්නට නොහැකි බව මගේ අත කිව්ව .................නිසා
හැරදා යන්න සුදානම් දිවිය ..................................නසා
මම හිතන්නේ ඒ දැරිවිට ඊට පස්සේ කවි ලියන්න හම්බෙන්න නැතුව ඇති....
අනේ... අපරාදේ ...!! ඇත්තටම විරහව ඉහවහ ගියා නේද ?
කියවල බලලා අදහසකුත් කියලා යන්න හොඳේ.........................
රචනා ශෛලිය වෙනස් කරලා. ඒක හොඳයි. හොඳ ප්රවණතාවක්. නිකංම කවි දානවට වඩා ඔහොම විස්තරයක් තිබුණම කියවන්න ආස හිතෙනවා. හරි සංවේදී කථාවක්.( ඇත්ත එකක්ද මන්දා)
ReplyDeleteජයවේවා....!!!!
ස්තුති රන්දු .. ඔව් පොඩි වෙනසක් කරන්න හිතුවා..... :). අන්තිම කොටස නම් කොහෙත්ම ඇත්ත නෙවේ..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteratawa wenaswela eth lassnai
ReplyDeleteස්තුති රුවනි ....කලින් සැලසුම් කරලා තිබුනේ නෑ මෙහෙම ලියන්න...කවි ටික දානකොට ඇති වුන සිතුවිල්ලක්...
Deleteවිරහවේ ලස්සන අයෙ ලියන්න යන්නේ නැතෝ...
maruuuu,, agata danena liyala thiyenwa
ReplyDeleteඅනේ තැන්කු.......මේ පැත්තේ ආපු එකට ගොඩා...........ක් සතුටුයි.
Deletehmmmm..., pattern eka venas.., honday!! (y)
ReplyDeleteගොඩක් තැන්කු... අයෙත් මේ පැත්තේ ඇවිත් යන්න එන්නා.....
Deleteasawen kiyawanna wenas deyak tibunaaa...mula kiyawaddi aga hithene nathi nisa hondai godak... digatama liyana.. obata jaya
ReplyDeleteගොඩාක් ස්තුති ............. ඔයාලගේ ප්රතිචාර මට ගොඩක් වටිනවා... අයෙත් මේ පැත්තේ එන්න ,,,,,
Delete(y) (y)
ReplyDeleteගොඩක් ස්තුති මේ පැත්තේ ආවට අයෙත් එන්න...
Deleteවෙනස්, නමුත් ලස්සන විදිහකට......ගොතා
ReplyDeleteබෝම අගෙයි පදටික, සුන්දරයි..........ඉතා
තවත් හිතේ සිරකරගෙන පලක්........නැතා
මේවා දැකලා සිහිවුනි මගෙ පරණ.....කතා
පුංචි පුංචි සිද්ධි හින්දා විරහව ගැන නොලියා ඉන්න එපා.කවියෙක් විරහව ගැන ලියන්නම ඕන :)
කවිටික දැකල පරණ සිද්ධියක් මතක්වෙලා සැහෙන්න දුක හිතුනා :((
විරහව ගැන කියල කවි කිව්ව .........ගොතා
Deleteඊට පස්සේ මට හැදුනා වෙනම ............කතා
නවත්වන්නට ඒවගේ කිව්ව ................කතා
විරහව ගැන නවතන්නට ගත්තේ .......සිතා