Powered By Blogger

Tuesday, December 17, 2013

~අහිමි ලෝකය ~

මේක මම ගොඩක් කාලෙකට කලින් ලියපු එකක්.....පොත් ටික එහා මෙහා කරද්දී ඒවා අස්සේ තිබිලා හම්බුන කොලයක මම ම මෙහෙම ලියලා තිබ්බා . මේක විරහවක් ද කියලා මට තේරෙන්නේ නෑ.. එත් ඒ කොලේ නිකම් ම අහක දාන්නේ නැතුව එකේ තිබ්බ දේ මෙහෙම පල කරන්න හිතුනා ....




ලඟා වන විට හිරුගේ අරුණලු
තොටුපල අසලට කෙමෙන් කෙමෙන්
බලා උන්නෙමි ඔරුව එනතෙක්
රැගෙන යාමට මෙමා
දැක්කා ඔබ එනවා
පහුරකි නැගී ඈත සිට
වනමින් ඔබේ අත
මෙ ඉවුර උන් මෙමා  හට
හදවත මගේ ඉපිලුනා තුටින්
නතර උන බව දැනුනා මොහොතකට
ඒ....
ඔබගේ සම්ප්‍රාප්තිය මා වෙනුවෙන්
යයි සිත කෑ ගසා කියූ බැවිනි
එනමුදු ...........
ලගටම ආ පහුර
නතර කලේ මට නොව
මා අසලින් සිටි තවකෙකුටය
නංවාගත් ඔබ ගියා ඈතට
මා ඔබ දෙස බලා
ඉකි ගසා අඩද්දී
කදුළු පිරි දෑසින්
................................................................................................
දෙඇස් දෙකොනින් දෝර ගලනා කඳුළු වැල් උණු වී ඇසේ...
කියයි හඬ ගා නුඹට දැක්වූ ආල සිතුවිලි මගේ ලයේ .....
සොයයි ඔබේ රුව රතු වූ දෙනුවන් බල බලා හැම දස අතේ ......
වේදනාවෙන් සිර කරයි සිත සොඳුරු මතකය අද ඔබේ ............
...........................................................................................................


මටත් හිතෙන පිස්සු දේවල් කියලා වෙලාවක හිතුනා මේක බලද්දී.. එත් මේකෙත් අර්ථයක් තියනවා සැඟවුන..... ඒවගේම සැඟවුන ලොකු දුකකුත් තියනවා එක  ගැහැණු ළමයෙකුට දැනුන.... මගේ අතින් වචන වලට පෙරළුණ ඒ දුක ඔයාලටත් තේරෙනවද බලන්න...............

බලලා අදහසකුත් කියලා යන්න...........

12 comments:

  1. හ්ම්ම්ම් ......

    ReplyDelete
  2. අන්තිම කවිය නම් ලස්සනයි......ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා... මුල එක හොද නැද්ද.... කමක් නෑ.ඉතින් .... ස්තුති ගොඩක් .... මේ පැත්තේ අයෙ එන්නෝ........

      Delete
  3. eka dannenawa thamai . . :) nice. .

    ReplyDelete
    Replies
    1. ස්තුති කොට්ස්... අයෙ මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ....

      Delete
  4. Replies
    1. ගොඩක් ස්තුති අදහසක් කියල යන්න ආවට...... :)

      Delete
  5. liyanna risi se, sitha randi sema de.............. honda nirmanayak

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ......... අයෙත් මේ පැත්තේ එන්න......

      Delete
  6. එළකිරි ..මුල් ටිකත් සඳැසකටම එබුවනම් සැහෙන්න වටිනවා ..ඇත්තටම ඒක ඔයාගේ කැමැත්තක් ..මම නිකන් කිව්වේ එහෙම ඒවා කියවන්න කැමති නිසා :))

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් ඉතින් ඕක ගොඩක් කාලෙකට කලින් ලිව්වා එකක්... ඒ වෙලාවේ සදැස් ලියන්න තරම් හැකියාවක් සහ සිහියක් තිබ්බේ නෑ :D

      Delete